“ඉරුදින” කර්තෘ ඉවත් කිරීමට එරෙහි මාධ්‍ය සංගම් සීරුවෙන්

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව “ඉරුදින” පුවත්පත් කර්තෘ විමලනාත් වීරරත්න මහතා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය විරෝධත්වය ප්‍රකාශකර තිබේ.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් ඉවත් කිරීම පිටුපස බරපතළ ලෙස සංස්කරණ නිදහසට බලපෑමක් සිදුවී ඇති බවත් මාධ්‍ය නිදහසට තර්ජනයට ලක්කර ඇති බවත් මෙහිදී මධ්‍ය සංගම් පවසයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන පරිදි වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරමින් එය ඉදිරියට ගෙනයාමේ අරමුණින් පලකළ ඇතැම් පුවත් හා ලිපි, නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ ඇමතිවරු කළ විවේචන හෙළා දකිමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අවධාරණ යොමුකොට පලකර ලිපියක් සම්බන්ධයෙන් කළමණාකාරීත්වය පැහැදීමක් නොදක්වා ඇති අතර එයම මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට හේතුවක් වී තිබෙන බවයි.

වීරරත්න මහතාට සිදුවූ මෙම අසාධාරණයට එරෙහි සාධාරණය ලබා දෙන ලෙස ඉල්ලා “ඉරුදින” පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන් හත්දෙනෙකු  ලිපියක් මඟින් කළමණාකාරීත්වයට දන්වා ඇති අතර එම මාධ්‍යවේදීන්ට පුවත්පත් කාර්යාලයට ඇතුළුවීම තනම්කර ආයතනයේ ගේට්ටුවේ නියෝගයක්ද අලවා තිබූ බවට සදහන් වේ.

කෙසේ වෙතත්, ආයතනයක මාධ්‍යවේදියෙකු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින අවස්ථාවක එම සේවකයින්ටද රැකියාව තර්ජනයකට ලක් කිරීම ඉතා අවාසනාවන්ත තත්වයක් වර්තමානයේ ඇතිවී ඇති බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අත්තනෝමතික ලෙස මාධ්‍යවේදීන් පාලනය කිරීම දක්වා මාධ්‍ය වෘත්තිය අනතුරකට ලක්වී ඇති බව පෙන්වා දේ.

ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කාරිණී මන්දනා ස්මයිල්ගේ අත්සනින් යුතු නිවේදනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වීරරත්න මහතා සේවයෙන් පහ කිරීම සදහා කිසිදු සාධාරණ හේතු දැක්වීමක්, පූර්ව දැනුම්දීමක් හෝ කිසිදු විමර්ශනයක් ලීඩර් හෝල්ඩින් පෞද්ගලික සමාගම විසින් කර නොමැති බවයි.

මෙරට පවතින කම්කරු නීතියට අනුව පූර්ව දැනුම්දීමකින් තොටව සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී මෙන්ම යුක්තිසහගත නොවන අතර ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති බවත්, සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් වාරික ගෙවා නොමැති අතරම මේ සියළු කරුණු ඔස්සේ එම සමාගම බරපතළ ලෙස කම්කරු නීති උල්ලංඝනය කර ඇති බව මාධ්‍ය සංසදය අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන පරිදි වීරරත්න මහතා යළි සේවයේ පිහිටුවන ලෙසත් අසාධාරණ ලෙස සිදුකරන සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික ආයතනයට බලකර සිටින බවයි.

“ඉරුදින” පුවත්පතේ ප්‍රධාන කර්තෘ වීරරත්න මහතා අත්තනෝමතිකව සේවයෙන් පහ කිරීමට එරෙහි විරෝධය දක්වමින් පුවත්පතේ කර්තෘ මණ්ඩලය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමටට තීරණය කළ බව “ඉරුදින” සේවක එකමුතුව පවසා සිටී.

සුපුරුදු පරිදි රාජකාරියට පැමිණි කර්තෘ මණ්ඩල සාමාජිකයින් පිරිසකට ආයතනයට ඇතුළත් වීමට අධ්‍යක්ෂක මණ්ඩලය තනමක් පනවා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් ගල්කිස්ස පොලීසියට, කම්කරු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බව මෙම සේවක එකමුතුව වැඩිදුරටත් අවධාරණය කර සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435