ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කාර්මික නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

කාර්මික නිලධාරීන් සඳහා වන නව සේවා ව්‍යවස්ථාව කඩිනමින් නිකුත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ථ ලංකා රාජ්‍ය කාර්මික නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් අද (08) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වී සිටී.

ඒ අනුව අද දිනයේ බදුල්ලේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වන අතර රුපියල් 20,000ක අවධානම් දීමනාවක් මාසික වැටුපට ලබාගැනීම, තීරුබදු රහිත වාහන පහසුකම ලබාගැනීම, කාර්මික නිලධාරීන් බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් අඩු නොකිරීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.

මේ සඳහා ඌව පළාතේ සියලු රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන් අසනීප නිවාඩු වාර්තාකර සහභාගි වෙන අතරම දිස්ත්‍රික්කයකින් 50 දෙනා බැගින් සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාර්මික නිලධාරීන් රැස්ව සිටින බවයි සමස්ථ ලංකා රාජ්‍ය කාර්මික නිලධාරී සංගමයේ සභාපති මාලන් සේරසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435