ඊලඟ අදියරේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම ගැන ඉඟියක් මතුවෙයි

විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රථමයෙන් රජයේ රැකියා ලබාදී දෙවැනි පියවරේදී බාහිර උපාධිධාරීන් පිළිබඳ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.

බාහිර උපාධිධාරීන් වෙනත් රැකියාවල නිරතවන අතරතුරදී උපාධිය ලබා තිබෙන බැවින් අභ්‍යන්තර උපාධිධාරීන්ට රැකියා ලබාදීමෙන් අනතුරුව පුරප්පාඩු වන අමාත්‍යාංශවලට බාහිර උපාධිධාරීන් යොමුකළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම රජයේ රැකියා 20,000ක් ලබාදීමට පත්වීම් ප්‍රදානය කරන අවස්ථාවේදී උපාධිධාරීන් 7,000ක් පමණ පත්වීම් ලබාගෙන නොමැති බවත්, එම අවස්ථා බාහිර උපාධිධාරීන්ට ලබාදිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435