ඊශ්‍රායලයට කළු පැල්ලමක් එක් කළ සංක්‍රමණික සේවකයාගේ මරණය

සිවිල් වැසියන් නීතිය අතට නොගත යුතු බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ ඇත්තේ පසුගිය 19 වනදා, එරිත්‍රියානු සංක්‍රමණික සේවකයෙකු, ඊශ්‍රායල් සොල්දාදුවෙකු අතින් මරුමුවට පත්වීම පිලිබඳ ප්‍රතිචාර දක්වමිනි.

වෙඩි වැදීමට ලක්වන විට ඔහු කෝපයට පත්ව සිටි පිරිසකගේ දරුණු පහරකෑම් වලට ලක්වෙමින් සිටි බව වාර්තාවේ. එතෙර පුවත් වාර්තා කරන්නේ මෙම සංක්‍රමණික සේවකයා, පලස්තීන ත්‍රස්තවාදියෙකු බවට ඇති කරගත් වැරදි වැටහීමක් පහරදීමට හා වෙඩි තැබීමට හේතු වී ඇති බවයි.

මේ වන විට මෙම සිදුවීම පිළිබඳව ගෝලීය සමාජය තුල උණුසුම් කතා බහක් ගොඩනැගෙමින් පවතී. සිද්ධිය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මාර්ක් ටෝනර් ද විශේෂ ප්‍රකාශයක් සිදු කොට තිබේ.

ඊශ්‍රායලයේ සිවිල් වැසියන් තුල වර්ධනය වන බිය, සැක සංකා සමඟ ප්‍රචණ්ඩත්වය ද වර්ධනය වෙමින් ඇති බව පවසන ඔහු, කෝපය හෝ බිය හෝ කුමක් මත සිදු කළද, මෙම සිදුවීම පිලිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කියා සිටි.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයා වන යාකොව් අමිද්රෝර් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඊශ්‍රායල් සමාජයටම සිදුවූ දරුණු අවමානයක් බවයි.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා සමහර රාජ්‍ය නිලධාරින් විවෘතව ගිනිඅවි රැගෙන යන අතර පොදු ජනයාට ද එසේ කිරීමට දිරිදෙයි. මේ හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරෙමින් පවතී. පලස්තීන ත්‍රස්තවාදියෙකු යැයි සැක සිතෙන ඕනෑම පුද්ගලයෙකුට කිසිදු වගවිභාගයකින් තොරව වෙඩි තැබීමට හෝ පහරදීමට  ආරක්ෂක අංශ හා ඇතැම් සිවිල් වැසියන් පසුබට නොවන බවක් පෙනේ.

මේ නිසා මේ කාලවකවානුව ඊශ්‍රායල් සංක්‍රමණික සේවකයින් දැඩි අවධානයෙන්, සිහිබුද්ධියෙන් හා ප්‍රවේශමෙන් ගත කළ යුතු කාලවකවානුවක් බව කිව යුතුමය.

 වැඩබිම

තවත් දෙස් විදෙස් තොරතුරු සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435