ඊශ්‍රායලයේදී ඔබට වැදගත්වන ආයතන

ඊශ්‍රායලයේ සිටින ඔබට වැදගත් වන ආයතන කිහිපයක් පිළිබඳව තොරතුරු අපි පසු ගිය ලිපි හරහා ඔබ වෙත ගෙන ආවා. මෙවර ලිපියෙන් අවධානය යොමු කරන්නේ, Kav LaOved,  Hotline for Migrant Workers සහ Physicians for Human Rights යන රාජ්‍ය නොවන ආයතන සහ එම ආයතන ඊශ්‍රායලයේ සිටින විදේශීය සේවකයන්ට සහය වන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

Kav LaOved

Kav LaOved ආයතනය ඊශ්‍රායලය තුළ කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ලාභ නොලබන ආයතනයකි. බහු භාෂා හරහා පුද්ගලයින්ට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීම, අධිකරණ ක්‍රියාමාර්ගවලදී හාම්පුතුන්ට එරෙහිව, නිත්‍යානුකුලව ශ්‍රමිකයන් නියෝජනය කරමින් ඔවුන්ගේ තත්වයන් වැඩි දියුණු කිරීමට හා අදාළ නීති ක්‍රියාත්මක කරවීමට Kav LaOved ආයතනය මැදිහත් වේ.

ටෙල් අවීව් හි ශාඛාව: 
  • ලිපිනය: 17 Y.L. Peretz St., Tel Aviv
  • දුරකථන අංකය: 03-6883766
හයිෆා හි ශාඛාව: 
  • ලිපිනය:18 Herzl St. (Beit Hakranot), Room 224
  • දුරකථන අංකය: 04-8643350
  • ෆැක්ස් : 04-8644238
ජෙරුසලමේ ශාඛාව: 
  • ලිපිනය: 18 Shlomzion Hamalka St.
  • දුරකථන අංකය: 02-6242801
  • ෆැක්ස් :02-6232868
බීර් ෂෙවා හි ශාඛාව: 
  • ලිපිනය: 197 Kakal St.
  • දුරකථන අංකය: 08-6239619
  • ෆැක්ස් :08-6230531

ඉරිදා සිට අඟහරුවාදා දක්වා : පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා

බ්‍රහස්පතින්දා: පස්වරු 12.00 සිට පස්වරු 6.00 දක්වා

Hotline for Migrant Workers

මෙයද ඊශ්‍රායලයේ සේවයේ නියුතු විදේශිකයන්ගේ සිවිල් හා මානව හිමිකම් හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන තවත් ලාභ නොලබන ආයතනයකි. මෙම ආයතනය අර්බුද සඳහා මැදිහත්වීමේ සේවා (ක්ෂණික ඇමතුම්, රැඳවුම් කඳවුරු වෙත යාම් වැනි) සහ නීතිමය පියවර ගැනීම් සිදු කරනු ලබයි.

  • ලිපිනය: HaChashmal 33, Tel Aviv
  • දුරකථන අංකය: Tel: 03-5602530

ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා: පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්ව‍ා

සිකුරාදා: පෙරවරු 9.00 සිට 12.00 දක්වා 

Physicians for Human Rights

විදෙස් සංක්‍රමණික සේවකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙයත් ලාභ නොලබන ආයතනයක්. මෙම ආයතනය අවධානය යොමු කරන්නේ,සේවකයින්ට  සෞඛ්‍ය සඳහා ඇති අයිතිය, මානව ආත්මාභිමානය, මානසික හා ශාරීරික සුවතාවය යන කරුණු පිළිබඳවයි. නීතිමය උපදෙස් හා උපදේශන සේවා, රක්ෂණාවරණ හා සෞඛ්‍යට අදාළ ගැටළු වලට පෙනීසිටිම වැනි සේවාවන් මෙම ආයතනය හරහා ලබාගත හැකිය. තවද මෙම ආයතනය ටෙල් අවීව් හි සිටින සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්, සායනයක්ද පවත්වාගෙන යයි.

  • ලිපිනය: 52 Golomb St., Tel- Aviv
  • දුරකථන අංකය: 03-6873718
  • ෆැක්ස්: 03-6873029

පවුලේ වෛද්‍යවරයා: සඳුදා, අඟහරුවාදා, බදාදා දිනවල පස්වරු 5.00 සිට පස්වරු 9.00 දක්වා 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය : සඳුදා දිනවල පස්වරු 5.00 සිට පස්වරු 9.00 දක්වා 

ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය: සිකුරාදා පෙරවරු 9.00 සිට පස්වරු  1.00 දක්වා 

සබැඳි ලිපි ඊශ්‍රායලයේ සේවය කරන ඔබේ අවධානය පිණිසයි!! ,   ඊශ්‍රායලයේදී ඔබේ උදව්වට එන ආයතන..

මේ ලිපිය ඔබ ප්‍රයෝජනවත්වේයැයි ඔබ සිතන අයෙකු අතර බෙදාහරින්න 🙂

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435