ඊශ්‍රායලයේදී ඔබේ උදව්වට එන ආයතන..

ඊශ්‍රායලය තුල සංක්‍රමණික සේවකයෙකු වන ඔබ, එහිදී මුහුණ දෙන ගැටලුකාරී තත්වයන්ට වඩා සාර්ථකව මුහුණ දීමට හා එම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මෙම ආයතන ව්‍යුහයන් පිළිබඳව අවබෝධයෙන් පසුවීම ඉතා වැදගත් වනවා.

ඊශ්‍රායලයේ විදේශ කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි සේවාවන් හා එම දෙපාර්තමේන්තු ශාඛාවන්ගේ සම්බන්ධීකරණ විස්තර පිළිබඳව අපි මීට ඉහත ලිපියෙන් ඔබ දැනුවත් කළා.. මේ තවත් එවැනිම ආයතන ව්‍යුහයන් කිහිපයක් පිළිබඳව විස්තරයි..

 

 

රැකියා නියෝජිත ආයතන (Man Power Agencies) සුපරීක්ෂණය

ඔබව ඊශ්‍රායලයේදී රැකියා නියෝජිත ආයතනයක් හරහා සේවයට බඳවා ගනු ලැබුයේ නම් හෝ ශ්‍රී ලංකාවේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා සේවයට බඳවා ගනු ලැබුවේ නම් හා NIS 3050.00 කට වඩා වැඩි බඳවා ගැනීමේ ගාස්තුවක් ඒ වෙනුවෙන් ගෙවන ලෙස ඉල්ලා සිටියේ නම්,

ඔබට මිනිස්බල සමාගම් ලියාපදිංචි කිරීම් භාර සුපරික්ෂකවරයා ට ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.

  • ලිපිනය         : Supervisor in Charge of Registration of Manpower Companies, 86 Derech Menachem Begin, Tel Aviv
  • දුරකථන අංකය    03-5613461
  • ෆැක්ස්                 03-5613428.
 ටෙල් අවීව්  හි  ‘මෙසිලා’ ආධාර හා තොරතුරු මධ්‍යස්ථානය  

ටෙල් අවීව් හි නගර සභාව මඟින් සංක්‍රමණික සේවකයන් සඳහා පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයකි . සංක්‍රමණික සේවකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය ආධාර, උපදෙස් ලබාදීම ඇතුළුව, සංක්‍රමණික සේවකයන්ට අදාළ සමාජ හා නීතිමය සේවාවන් සඳහා සහයෝගය ලබා දීම මෙම මධ්‍යස්ථානය හරහා සිදුවේ.

එයට අමතරව,

  • ප්‍රජා ඇරඹීම හා සංවර්ධනය
  • ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අනුග්‍රහය ලබා දීම
  • දේශීය පාසල් සඳහා ලියාපදිංචි වීමේදී අවශ්‍ය සහය ලබා දීම

මෙම සේවා සපයනු ලබන්නේ, ස්වෙච්චා සමාජ සේවකයන්, නීතිඥයන්, මනෝවිද්‍යාඥයන් හා ශිෂ්‍යයන් විසිනි.

  •  ලිපිනය             :  1 Zeitlin , Tel Aviv- Jaffa, Israel
  • දුරකථන අංකය : 03-6879727
  •  ෆැක්ස්              : 03-6879727

විවෘතව තබන වේලාවන්:

  • ඉරිදා, සඳුදා හා බදාදා දින වල පෙරවරු 10.00 සිට සවස 7.00 දක්වා
  • අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා පෙරවරු 8.30 සිට සවස 3.30 දක්වා

ඊශ්‍රායලයේ සේවය කරන ඔබට වැදගත් වන තවත් ආයතන කිහිපයක් පිලිබඳ තොරතුරු මීළඟ ලිපියෙන්.

සබැඳි ලිපි ඊශ්‍රායලයේ සේවය කරන ඔබේ අවධානය පිණිසයි!!

මේ ලිපිය ප්‍රයෝජනවත් වේ යැයි ඔබට හැඟෙන අයෙකු අතර බෙදාහරින්න 🙂

වැඩබිම

තවත් දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435