ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඔබ වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි!

තම රෝගී තත්ත්වය පිළිබඳව, දැනට ආබාධිත තත්ත්වයේ පසු වන ඇයගේ ස්වාමිපුරුෂයා හා දරු දෙදෙනා නොදන්නා බැවින්, තමාගේ නම හෝ ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ පළ නොකරන ලෙස ඇය ආයාචනය කර සිටී.

වයස අවු: 52 ක් වන මේ මව, අක්මාව, පෙනහළු හා මහබඩවැල යන ඉන්ද්‍රියයන් ආශ්‍රිතව පැතිරී ඇති පිළිකා හේතුවෙන්, පසුගිය අප්‍රේල් 01 වනදා සිට රැකියාවේ නියැලීමට නොහැකිව මානසික පීඩනයෙන්ද පසු වන අතර, මේ වන විට තම හාම්පුතාගේ දියණියගේ නිවසේ රැදී සිටිමින් වෛද්‍ය ප්‍රතිකාර ලබයි.

මැය ගේ වීසා බලපත්‍රය හා මෙරට වෛද්‍ය රක්ෂණාවරණය ලබන ජුනි මස මුලදී අවසන් වන බව ඇය පවසයි. තම ස්වාමිපුරුෂයාට රැකියාවක් කර ගැනීමට නොහැකි බැවින්ද , තම දියණියගේ හා පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම එදිනෙදා කටයුතු සඳහා කිසිදු මුදලක් ඉතිරිව නොමැති බැවින්ද, ඇය තවදුරටත් අවම තරමින් අවුරුද්දක්වත් සේවයේ නියැළීමට බලාපොරොත්තු වන නමුත් ඇයගේ දෛවය ඇයට හරස් වී ඇත.

මේ මහත්මියගේ වෛද්‍ය වාර්තා අනුව, ඇයට තවදුරටත් රැකියාවක් කිරීමට හැකියාවක් නොමැති බවත්, කිසිදු සේවායෝජකයෙකු ඇයට වීසා ලබා දීමට ඉදිරිපත් නොවන බවත්, ඊශ්‍රායල රජයෙන් වීසා නිකුත් නොකරන බවත්, ඇයගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇය දැනට සිටින නවාතැනට ගිය අවස්ථාවේ පැහැදිළි විය. ඇය මුහුණපා සිටින මෙම තත්ත්වය සළකා බලා යම්කිසි මුල්‍යමය ආධාරයක් ලබා දී, ජුනි මස මුල් සති දෙක ඇතුලත හෝ ඇය ශ්‍රී ලංකාවට පිටත් කර යැවිමට හැකි නම්, එය වඩා උචිත බව තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

ඒ අනුව, ඇය වෙත ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන මෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටී.

⋆⋆අවධානයට⋆⋆

• ආධාර මුදල් එකතු කිරීමට කැමති යම් මහත්මයෙකු/ මහත්මියක වේ නම් තානාපති කාර්යාලයෙන් නිකුත් කරනු ලබන ආධාර පත්‍රිකා ලබා ගත හැකිය (එකතු වන ආධාර මුදල් ජුනි මස පළමු සතිය තුලදී තානාපති කාර්යාලය වෙත ලැබෙන්නට සලස්වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ).
• පරිත්‍යාගශීලීන් ගේ ආධාර මුදල් ඇතුලත් නාමලේඛන හා රෝගී තත්ත්වයෙන් පෙළෙන එම මහත්මිය වෙත මුදල් භාර දීමට අදාළ කුවිතාන්සි/ ලදුපත් මෙම තානාපති කාර්යාලයේ facebook අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කෙරේ.
(මෙම ඉරණමට ගොදුරුවී ඇති මහත්මියගේ විස්තර දැන ගැනීමට කැමති පරිත්‍යාගශීලීන් හට එම තොරතුරු තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයෙන් ලබා ගත හැකි අතර, ඇය පිලිබඳ තොරතුරු අන්තර් ජාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් පළ නොකරන ලෙස ඇය ඉල්ලා ඇති බැවින්, එසේ නොකරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.)

මුලාශ්‍රය: ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – ටෙල් අවිව්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. නන්දන මහතාගේ ප්‍රශ්ණයට පිළිතුරක්
    තානාපති කාර්යාලය ඉල්ලා ඇත්තේ දැනට ඊශ්‍රායලයේ සේවය කරන අය කැමති නම් උපකාර කරන ලෙසයි. ලංකාවේ රක්ෂණයෙන් ලොකු මුදලක් ලැබෙන්නේ නෑනේ. ඉතින් පිනට දහමට කැමති, මිනිස්කම හදුනන උපකාරයක් කරන්න පුලුවන් කෙනෙක් උපකාර කරන්න කියලා ඉල්ලන එකේ වරදක් නෑනේ. නමන්ට හැකි දෙයක් කරනවා මිස අනුන් කරන්නේ මොනවාද කියලා ප්‍රශ්ණ නොඅසා සිටිය නම් තමයි මහත්මාකම. ඔය වගේ ප්‍රශ්ණ අහන මිනිස්සු ප්‍රශ්ණ අහනවා මිස සත පහකින් වත් මනුස්සකෙුට උදවිවක් කරන අය නෙවෙයි කියලා ඕන කෙනෙකුට තේරෙනවා.
    විදේශ සේවා කාර්යාංශයෙන් ලැබෙන දේ දැන ගන්න ඕන නම් මේ ලින්ක් එක බලන්න.
    http://www.slbfe.lk/page.php?LID=2&PID=110?

    (0)(0)



    0



    0
  2. ඇයි මේ කාන්තාව විදේශ සේවා නියුක්තිකාර්‍යංශයේ රක්ශණය කර නැද්ද?

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435