ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඔබට ලැබෙන සෞඛ්‍ය හිමිකම්

ඊශ්‍රායලයේ සේවය කරන ඔබ සතුව, හදිසි අවස්ථාවන් සහ එදිනෙදා වෛද්‍ය වියදම් ආවරණය වන සවිස්තරාත්මක රක්ෂණාවරණයක් තිබීම ඉතා අත්‍යාවශ්‍ය වේ.

  • මුළු රැකියා කාලය සඳහා ඔබට පුද්ගලික රක්ෂණාවරණයක් ලබාදීමට
  • ඔබට තේරුම්ගත හැකි භාෂාවකින් අදාළ රක්ෂණ ප්‍රතිපත්ති පිලිබඳ ඔබට සාරාංශයක් ලබාදීමට

ඔබගේ සේවායෝජකයා නීතිය මගින් බැඳී ඇත.

වෛද්‍ය රක්ෂණ පිරිවැය ආවරණය කිරීම සඳහා, ඔබගේ සේවායෝජකයාට ඔබේ මාසික වැටුපෙන් තුනෙන් එකක් නොඉක්මවන මුදලක් අඩු කරගැනීමේ හැකියාව තිබේ. රක්ෂණ ප්‍රතිපත්ති හිමිකරු ඔබ වේ. එනම්,  ඔබට ඔබගේ සේවායෝජකයාගේ මැදිහත්වීමකින් තොරව, සෘජුවම රක්ෂණ සමාගම සමග ගනුදෙනු කළ හැකියි.  සමාගම විසින් ගනු ලබන තීන්දු සම්බන්ධව, ප්‍රතිපත්තියට යම් යම් වගන්ති ඇතුළත් කිරීමට ඔබට ඉල්ලීම් කළ හැකි අතර ( අවශ්‍ය  නම්, ඔබ රාජ්‍ය  නොවන සංවිධාන වලින් නීති ආධාර ලබා ගත හැක ) , ඔබ සම්පූර්ණ වෛද්‍ය රහස්‍යභාවයකට හිමිකම් ලබයි.

එමෙන්ම ඔබේ වෛද්‍ය රක්ෂණාවරණය, පහත සඳහන් ප්‍රමිතිගත වෛද්‍ය  සේවා හතරෙන් එකක් අවරණය විය යුතුය.

  • Clalit (දුරකතන: * 2700 )
  • Maccabi ( දුරකතන: 1-700-50-53-53 )
  • Leumit ( දුරකතන:  1-700-507-507 )
  • Meuhedet (දුරකතන: * 3833 )

හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලය පුරා විසිරි ඇති රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගත හැකි අතර, 101 ඇමතීම හරහා අවශ්‍යනම් ගිලන් රථයක් ගෙන්වා ගත හැක.

රාජ්‍ය නොවන ආයතන විසින් සපයන වෛද්‍යාධාර පිලිබඳ තොරතුරු 

ලෙඩ නිවාඩු හා ගෙවීම්

පිළිගත් වෛද්‍යවරයෙකුගේ වාර්තාවක් ඉදිරිපත් කිරීම හරහා ඔබ අසනීප නිවාඩු ලෙස ගත කරන දෙවන දිනයේ සිට, අසනීප සඳහා වන ගෙවීම් ලබා ගැනීමට ඔබ හිමිකම් ලබයි. ඔබ වැඩ සම්පූර්ණ කරන සෑම මාසයකටම දින එකහමාරක වැටුප් සහිත ලෙඩ නිවාඩුවලට ඔබ හිමිකම් ලබන අතර එහි  උපරිමය, දින අනුවකි.

ඔබ අසනීප නිවාඩු ලෙස ගත කරන දෙවන හා තුන්වන දිනයහිදී, ඔබේ සාමන්‍ය වැටුපෙන් 37.5% ක් අසනීප ගෙවීමක් ලෙස ලබා ගත හැකි අතර හතරවන දිනයේ සිට ඔබට 75%ක් ලබා ගත හැකිය.

රැකියාවට සම්බන්ධ අනතුරකදී

ඔබේ රැකියාවට අදාලව සිදුවන යම් අනතුරක් හෝ අසනීපයක් යනුවෙන් අදහස් වන්නේ, රැකියාවට යන අතරතුරදී, රැකියාවේ නිරත වන අතරදී හෝ විවේක කාලවලදී සිදුවන අනතුරු හා අසනීපවීම් යනාදියයි.  ජාතික රක්ෂණ ගෙවීම් වෙනුවෙන් ඔබේ වැටුපෙන් අඩුකරගන්නා කොටස නිසා, ඔබට රැකියාවට අදාළව සිදුවන අනතුරු හෝ අසනීප වෙනුවෙන් ඔබ නිරතුරුව ආවරණය වේ.

ඔබේ සේවායෝජකයා ඔබ වෙනුවෙන්, ජාතික රක්ෂණ ආයතනය සමඟ ලිපී ගොනුවක් විවෘත කළ යුතු අතර, එහි ලිපිගොණු  අංකය (file number)  ඔබ වෙත ලබා දියයුතුය. මන්දයත් රෝහල් ගතවීමකදී, රැකියාව සම්බන්ධ අනතුරකදී, රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේදී ඔබට එ් අංකය භාවිතා කිරීමට සිදුවන බැවිනි.

ඔබට යම් තුවාලයක් සිදුවී අවස්ථාවකදී, ඔබේ සේවායෝජකයා විසින්, ඔබ තුවාල ලැබුයේ රැකියාව කරන අතරතුරදී බව සනාථ කරමින් හා අදාළ වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා පෝරමයක් පිරවිය යුතුය.

වැදගත්: හදිසි අවස්ථාවකදී හැර අනෙකුත් අවස්ථා වලදී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලකට නොව, ඔබ අයත් වෛද්‍ය සේවා සපයන ආයතන සමඟ සම්බන්ධ වන්න.

පෝරමය (හීබ්‍රෑ බසින්, PDF) 

අනතුරු දීමනාව 

ඔබේ රැකියාවේ යෙදීම තාවකාලිකව නොහැකි වන පරිද්දෙන් සිදුවන වෘත්තීයමය ආබාධ හෝ, රැකියා අනතුරුවලදී,  අනතුරු දීමනාවක් ලබා ගැනීමට ඔබ හිමිකම් ලබයි. මෙම දීමනාව ලබා ගැනීම සඳහා ඔබ ජාතික රක්ෂණ ආයතනයට ඉල්ලීමක් ගොණු කළ යුතු අතර, වෘත්තීමය හෝ රැකියා අනතුරක් හේතුවෙන් ඔබට යම් නිශ්චිත කාලයක් තුළ රැකියාවේ නිරතවීම නොහැකි බව සඳහන් කරමින් පිළිගත් වෛද්‍යවරයකුගේ සටහනක්ද ඒ සමඟ භාරදිය යුතුයි.

ඔබේ සේවායෝජකයාට, ජාතික රක්ෂණ ආයතනය සමඟ මනා ගිවිසුමක් ඇත්නම් අනතුරු දීමනාව සඳහා වන ඉල්ලීම සේවායෝජකයා හරහා ඉදිරිපත් කළ හැකි අතර, ඔහු විසින් අදාළ අනතුරු දීමනාව ඔබට ගෙවනු ඇත.

මේ දීමනාව පිලිබඳ වැඩිදුර විස්තර ජාතික රක්ෂණ ආයතනයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

අනතුරු දීමනාව සඳහා වන ඉල්ලීම් පත්‍රය (හීබ්‍රෑ බසින්, PDF) 

සබැඳි ලිපි

ඊශ්‍රායලයේ සේවය කරන ඔබේ අවධානය පිණිසයි!! 

 ඊශ්‍රායලයේදී ඔබේ උදව්වට එන ආයතන..  

ඊශ්‍රායලයේදී ඔබට වැදගත්වන ආයතන

මේ ලිපිය ඔබ ප්‍රයෝජනවත්වේයැයි ඔබ සිතන අයෙකු අතර බෙදාහරින්න :)

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435