ඊශ්‍රායලයේ සේවය කරන ඔබේ අවධානය පිණිසයි!!

තමන්ගේ අසාධාරණ රැකියා තත්වයන් පිළිබඳව පැමිණිළි කිරීමට හෝ ඊශ්‍රායලයේදී තමන්ගේ ජීවන තත්වය ඉහළ නංවා ගැනීමට අදහස් කරන සංක්‍රමණික සේවකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක්ම ඊශ්‍රායලයෙහි ඇත. එම ආයතන හරහා සංක්‍රමණික සේවකයන්ට අවශ්‍ය කරන නීති ආධාර සැපයීම, අර්බුද සඳහා මැදිහත් වීම, වෛද්‍ය ප්‍රතිකාර හා ප්‍රජා සේවා සැපයීම වැනි සහයෝගයන් සිදු කරයි.

විදේශ කම්කරු දෙපාර්තමේන්තුව ඉන් එකකි. නීත්‍යානුකුල රැකියා සඳහා ඊශ්‍රායලය බලා එන සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට හා හාම්පුතුන්ගෙන් සිදුවිය හැකි ශ්‍රම සූරාකෑමට එරෙහිව හැකි සෑම පියවරක් ගැනීම ට මේ දෙපාර්තමේන්තුව බැඳී සිටි. ඊශ්‍රායලය තුළ සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් ක්‍රියා කිරීම දඩ මුදල් ගෙවීමට හෝ අපරාධ චෝදනා වලට ලක් කළ හැකි වරදක් ලෙස සැළකේ.

ඔබට පහත සඳහන් අසාධාරණ රැකියා තත්වයන්ට මුහුණ දීමට සිදුවුයේ නම්, එම තත්වයන් වලට විසඳුම් ලබා ගැනීම පිණිස ඊශ්‍රායල් විදේශ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගත හැකිය.

  • අවම වැටුප නොගෙවීම
  • වැටුපෙන් අමතර මුදලක් අය කර ගැනීම.
  • ප්‍රමාණවත් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා නොදීම.
  • නිසි නේවාසික පහසුකම් ලබා නොදීම.
  • ලිඛිත සේවා කොන්ත්‍රාත්තුවක් හෝ වැටුප් පතක් ( Payment Slip) ලබා නොදීම.
  • පූර්ව දැනුම් දීමකින් තොරව රැකියාවෙන් ඉවත් කිරීම.
  • ඔබේ හාම්පුතා විසින් ඔබේ විදේශ ගමන් බලපත්‍රය රඳවා තබා ගැනීම.
  • අසාධාරණ මැදිහත්වීමේ ගාස්තු ගෙවන ලෙස ඉල්ලා සිටීම.

හෝ සෞඛ්‍ය හෝ නේවාසික තත්වයන්ට අදාළව ඔබේ අවම අයිතිවාසිකම් හෝ වගකිම් උල්ලංඝනය වන ආකාරයේ යමක් සිදුවන්නේ වන්නේ නම් ඔබට විදේශ කම්කරු නීතියේ පිහිට ලබා ගැනීම සඳහා, විදේශ කම්කරු දෙපාර්තමේන්තුවේ ශාඛාවකට පැමිණ නිල වශයෙන් පැමිණිල්ලක් කළ හැකිය.

විදේශ කම්කරු දෙපාර්තමේන්තුවේ ශාඛාවල සම්බන්ධීකරණ තොරතුරු පහත දැක්වේ.

හයිෆා

  • ලිපිනය           : 7/9 Pal Yam St., Zim Building, First Floor
  • දුරකථන අංක : 04-8606700
  • ෆැක්ස්             : 04-8606735

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව තැබේ.

ජෙරුසලම 

  • ලිපිනය           : 34 Ben Yehuda ST., Migdal Hair, 13th floor
  • දුරකථන අංක :02-6229835
  •  ෆැක්ස්            : 02-6229867

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව තැබේ.

ටෙල් අවීව් 

  • ලිපිනය           :53 Derech Shlomo
  • දුරකථන අංක :03-5125428
  • ෆැක්ස්             :03-5125492

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව තැබේ.

බීර් ෂෙවා

  • ලිපිනය           :Alumot 12, Park Taasiya, Omer
  • දුරකථන අංක :08-6253005
  • ෆැක්ස්             :08-6253000

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව තැබේ.

මීළඟ ලිපියෙන් ඊශ්‍රායලයේ සංක්‍රමණික ඔබට ප්‍රයෝජනවත් වන රාජ්‍ය නොවන ආයතන පිළිබඳව තොරතුරු…

වැඩබිම

මේ ලිපිය ප්‍රයෝජනවත්වේ යැයි ඔබ සිතන අය අතර බෙදාහරින්න =)

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435