ඊශ්‍රායලය සාත්තු සේවයට හොඳ රටක්!! ඒත්??

ඊශ්‍රායලය තුළ 60,000 කට අධික විදෙස් සේවකයන් ප්‍රමාණයක් සේවය කරන අතර, ඉන් බහුතරය සාත්තු සේවක වෘත්තියේ නිරත වන්නෝය. ඔවුන් පුද්ගලිකව හෝ නේවාසිකව වැඩිහිටියන් හෝ ආබාධිත පුද්ගලයන් රැකබලා ගැනීමෙහි නිරත වේ. ඊශ්‍රායල් සාත්තු සේවකයින්ගෙන් බහුතරය, පිලිපීනය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින වැනි රටවලින් පැමිණෙන ආසියාතිකයින් වේ.

විදේශික සාත්තු සේවකයින් බඳවාගැනීම හා පාලනය කිරීම සිදු කරනු ලබන්නේ, ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන මෑන් පවර් ඒජන්සි හෙවත්, රැකියා නියෝජිතායතන විසිනි. සුදුසුකම් සහිත විදේශික සේවකයින් තෝරාගෙන ඔවුන්ව සුදුසු සේවායෝජකයෙකු ළඟ සේවයේ යෙදවීම මෙම ඒජන්සිවල වගකිමයි.

ඉතාම වැදගත් කරුණ වන්නේ, මෙම ඒජන්සි විසින් සාත්තු සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන හා, සේවා යෝජකයාට අවශ්‍ය සේවාවද නොඅඩුව ලැබෙන පරිදි මෙම ක්‍රියාවලිය සිදුවනවාද යන්න නීරීක්ෂණය කළ යුතු වීමයි. එහෙත් අවාසනාවකට මෙම මෑන් පවර් ඒජන්සි පෞද්ගලික ලාභය අරමුණු කරගත් ආයතන වීම නිසා, ඉහත සඳහන් කළ ඉතාම වැදගත් කාරණා වන ‘ගැලපීම’ හා ‘නීරීක්ෂණය’ ඔවුන් අතින් ගිලිහි ගොස් ඇති අතර, ඔවුන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වන්නේ සිය ලාභය කෙරෙහිය.

මෙම ආයතන සේවායෝජකයින්ගෙන් (හාම්පුතුන්ගෙන්) නාමික ගාස්තු අය කරන අතරම ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ නිත්‍යානුකුල නොවන බඳවා ගැනීම් සඳහා ඔවුන් විදෙස් සේවකයින්ගෙන් අය කරන ගාස්තුය. විදේශික සාත්තු සේවකයෙකු, සිය රැකියා වීසා ලබා ගැනීම වෙනුවෙන්, ඩොලර් 5,000 – 13,000 අතර ප්‍රමාණයක ගෙවීමක් සිදු කරන අතර එම ගාස්තුව දිනෙන් දින ඉහළ යනවා මිසක් පහළ යන බවක් නොපෙනේ.

අය කරගන්නා ගාස්තුවේ ප්‍රමාණයද රටින් රටට වෙනස් වන අතර, ඉහළම ගාස්තු ගෙවනු ලබන්නේ, දකුණු ආසියාතික කලාපයෙන් එන විදෙස් සේවකයින් විසිනි. මෙලෙස නව සේවකයින් ආනයනය, මෑන් පවර් ඒජන්සිවල ලාභ අරමුණක් වීම හේතුවෙන් සමස්ත සාත්තු සේවා කර්මාන්තයම දුෂණයට ලක්ව ඇත. මන්ද යත් මෙම ක්‍රියාවලිය හේතුවෙන්, සේවකයින්, හාම්පුතුන් මෙන්ම රටද ගැටලුකාරී තත්වයකට පත්වන බැවිනි.

මෑන් පවර් ඒජන්සි හිතුවක්කාර ලෙස, සේවකයන්ට මුදල් ගෙවීමට සිදු කරන බලපෑම් හරහා අනර්ථයක් සිදුවන්නේ සේවකයින්ටමය. නීත්‍යානුකුල නොවන ලෙස විදෙස් සේවකයින්ට ඊශ්‍රායලය තුළ සේවයේ යෙදවීමෙන් පසු, එම සේවකයින්ට නිසි ආරක්ෂාවක් ලැබෙනවාද, යහපත් සේවා පරිසරයක් තිබේද යන කරුණු හෙවත් ‘ගැලපීම’ හෝ ‘නීරීක්ෂණය’ සම්බන්ධව මෑන් පවර් ඒජන්සි කිසිදු අවධානයක් යොමු නොකරයි. එහි ප්‍රතිපලය වන්නේ, වාචික, ශාරීරික හා ලිංගික අපචාර වැනි දරුණු ක්‍රියාවන්ට ගොදුරුවන අවස්ථා සුලබ වුවත් ඒවා වාර්තා නොවී යටපත්වී යාමයි.

එවැනි සිදුවීම් වාර්තාවුවද,  මූල්‍යමය පෙළඹවීම් හරහා අදාළ සිදුවීම් සම්බන්ධව මෑන් පවර් ඒජන්සිවල මැදිහත්වීම උදාසීන ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා වියහැකිය. මන්දයත් ‘හාම්පුතා’ ඔවුන්ගේ ප්‍රධාන සේවාදායකයා වන බැවිනි. සුළු අපචාර, පඩි නොගෙවීම් හෝ ප්‍රමාදවීම්, සමාජ ප්‍රතිලාභ අහිමි වන අවස්තාවලදී,  මෑන් පවර් ඒජන්සි සාත්තු සේවකයින්ට දෙන උපදේසය නම් “පොඩ්ඩක් ඉවසන්න” යන්නයි.

සේවකයින් විසින් මෑන් පවර් ඒජන්සිවලට දෙනු ලබන, තැරව් ගාස්තු, එම සේවකයින්ට, තමන්ගේ රැකියාවට අදාළ තෝරාගැනීම් සිදුකිරීමට ඇති හැකියාව සීමා කරන අතර රැකියාව අතරතුර මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් සහගත තත්වයන් පුළුල් කරයි.

මෙම කළු සල්ලි වල මැදිහත්වීමක් නොමැතිනම් ඊශ්‍රායලයට, විදෙස් සාත්තු සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කරදීමට හා සේවය අවශ්‍ය වැඩිහිටි හා ආබාධිත ප්‍රජාවට වඩා හොඳ ආරක්ෂාකාරී සේවයක් ලබාදීමට හැකිවනු ඇත.

+972 ඇසුරින්

සබැඳි ලිපි

ඊශ්‍රායලයේ සේවය කරන ඔබේ අවධානය පිණිසයි!! ,  

ඊශ්‍රායලයේදී ඔබේ උදව්වට එන ආයතන.. 

ඊශ්‍රායලයේදී ඔබට වැදගත්වන ආයතන

මේ ලිපිය ඔබ ප්‍රයෝජනවත්වේයැයි ඔබ සිතන අයෙකු අතර බෙදාහරින්න :)

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435