ඊශ්‍රායල් රැකියා සිහිනයට මාවත විවර වෙයි – අදම අයදුම් කරන්න

ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අපේක්ෂාවෙන් පසුවේ ලාංකික ශ්‍රමිකයින්ට රැකියා සඳහා අයදුම්පත් යොමු කිරීමට අවස්ථාවක් උදා වී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මඟින් රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කොට තිබෙන අතර ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි කාර්මික රැකියා අංශයේ ඇබෑර්තු 500ක් උදෙසා මෙලෙස අයඳුම්පත් කැඳවා තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වෙන ආකාරයට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කළ හැක්කේ පිරිම් පාර්ශවයට පමණි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින් දක්වා තිබෙන අතර එහි අයඳුම්කරුවන් සැපිරිය යුතු සුදුසුකම්, මූලික රැකියා නියුතු වීමේ කොන්දේසි හා තත්ත්වයන් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය තොරතුරු රැසක් අන්තර්ගත වී තිබේ.

එය පැහැදිලිව කියවා අවබෝධකොට ගෙන පහත දැක්වෙන ලිපිනයට නොවැම්බර් 26ට පෙර ඔබේ අයඳුම්පත් යොමු කරන්න.

සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA)

අංක 12, නාරාහේන්පිට පාර,

නාවල.

සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින් පිවිසෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    මමත් යන්න කැමති

    (8)(1)



    2



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435