EPF ගිනුම්ගත කිරීම කෙටි පණිවිඩයකින් දැනගැනීමට අවස්ථාව

මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරණ ස්ථිර සේවක සංඛ්‍යාව මිලියන 2.6 ක් පමණ වේ. දැනට පවතින ක්‍රමව්දය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම් ගත වී ඇති ද යන්න දන ගැනීම සඳහා මාස 6-12 ත් අත‍ර කාලයක් ගත වීම හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව ඇත.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම් ගත වීම පිළිබඳව කඩිනමින් දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කිරීම සඳහා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිව හිමිව තිබේ.

තමන් දැනුම්දෙන දුරකථන අංකයට මෙම පණිවිඩය ලැබීමට සැලැස්වීමට කටයුතු කරන අතර, මාසිකව තමන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල ගිනුමට බැර වෙනවාදැයි දැනගැනිමටද අවස්ථාව හිමිවනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435