උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි….!

සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේ උතුම් දිනයක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට අතිශයින්ම ශ්‍රේෂ්ඨ දිනයකි. බෝධි සත්ත්වයන් වහන්සේගේ ඉපදීම, සිද්ධාර්ථ කුමාරයා බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ අවස්ථාවන් මෙම දිනයේ සිදුවීම එයට හේතුවය. මේ හේතුවෙන් බෞද්ධයාගේ සැබෑ අවුරුද්ද වෙසක් උත්සවය ලෙස හැඳින්විය හැකිය. එබැවින් වෙසක් උත්සවය ගෞරවාන්විතව සැමරීම වැදගත්ය.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(18)යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435