උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා හමුවක්

ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ ප‍්‍රධානී සරත් ඩෑෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු විය.

ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡුා කර ඇත ඔවුන් නැවත මෙරටට ගෙන ඒම සදඟා තම සංවිධානයෙන් රුපියල් මිලියන 6.5ක මුදලක් වෙන් කළ හැකි බවත් අනපේක්‍ෂිත සාධක කිහිපයක් හේතුවෙන් ඔවුන් නැවත ගෙන ඒම ප‍්‍රමාද වී ඇති බවත් පෙන්වා දුන්  ඩෑෂ් මහතා ඒ සඳහා සහය වන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇත

මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් හා අදාළ අනෙකුත් නිළධාරීන් සමඟ සාකච්ඡා කොට අයි. ඕ.එම් ආයතනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට ආණ්ඩුකාරවරයා විසින් එකඟ වී ඇත ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික සරණාගතයන්ට නැවත තම ජාතියට ඇතුළු වීමට පූර්ණ අයිතිය ඇති බවට ප‍්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ට අවශ්‍ය නිසි පහසුකම් ලබා දීම සහතික කළ යුතු බවත් ඔවුන් නැවත කිසි දිනෙක ලංකාවේ සරණාගතයන් ලෙස ජීවත් වීමට ඉඩ දිය නොහැකි බවත් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435