උතුරු පළාතේ පාසල් ගුරු ගැටළුව ගැන විශේෂ සාකච්ජාවක්!

උතුරු පළාතේ පවතින ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්ව‍යෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී හා මුලතිව් තුනුක්කායි අධ්‍යාපන කාර්යාලයේදී පැවත්වා තිබේ.

පළාත තුළ පවතින ගුරු මාරුවීම් හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන තත්වයට ගැටළුවක් ඇති නොවිය යුතු අතර, දුෂ්කර පාසල්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගණිතය,විද්‍යාව හා ඉංග්‍රීසි විෂයන් සඳහා ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා එහිදි අදහස් දක්වනු ලැබීය.

ගුරු සංචිත පිහිටුවා ඒ තුළින් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවිමට කටයුතු කළ යුතු අතර, අනුප්‍රාප්තිකයෙකු නොමැතිව ගුරු මාරුවීම් නොකරන ලෙද ආණ්ඩුකාරවරයා එහිදි අධ්‍යාපන නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

සාකච්ජාවන් වෙනුවෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්.සත්ය සීලන් මහතා,උතුරු පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් එච්.සෝමසිරි මහතා,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හා අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීන්,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් පාසල් විදුහල්පතිවරුන්,පාසල් ගුරුවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435