උතුරු පළාතේ සේවකයින්ට සන්නිවේදන පාඨමාළාවක් ආරම්භ කරයි

“වැඩබිම හා වෙලිත්තලන්” වෙබ් අඩවි මගින් ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් වෙනුවෙන් න්‍යායාත්මක හා නිර්මාණාත්මක සන්නිවේදනයක් ගොඩනැගීම සඳහා පාඨමාළාවක් හඳුන්වාදීමේ වැඩමුළුවක් උතුර පළාත කේන්ද්‍ර කර ගනිමින් යාපනයේදි පසුගියදා පවත්වන ලදි.

තම වෘත්තිය සමිති තුළ දෙමළ භාෂාවෙන් කටයුතු කරන තම සාමාජිකයින් හට ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අභියෝග හඳුනාගැනීම හා පවත්නා තත්ත්වයන් තුළ නිර්මාණාත්මක ලෙස තම පණිවුඩය සමාජගත කිරීමට න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙම පාඨමාළාවේ අරමුණ වේ.

ඒ සඳහා වෘත්තීය සමිති නියෝජනය කරමින් උතුරු පළාතේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ නියෝජිතයින් මෙම වැඩමුළුවට සහභාගී වූ අතර, මෙම ක්‍රියාකාරින් සඳහා සන්නිවේදන පාඨමාළාව ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435