උතුරේ රැකියා අවස්ථා ඉහළ දැමීමේ සූදානමක්

“අප අතර ජීවත්වන ආබාධිත පුද්ගලයින්ගේ ගැටළු සහ අවස්ථාවන්” යන මාතෘකාව යටතේ යාපනය මහජන පුස්තකාලයේදී පවත්වන ලද සාකච්ඡාවේදී උතුරු පළාතේ විවිධ හැකියාවන් ඇති පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා වැඩිකරන බව නිවේදනය කරන ලදි.

මෙම සාකච්ඡාවේදී සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන විවිධ අභියෝග පිළිබඳව ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරින් දැනුවත් කළ අතර, එහිදි ආබාධිත පුද්ගලයින්ගේ අභියෝග හා අවශ්‍යතා පිළිබඳව අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අණ්ඩුකාරවරයා මෙහිදි සහතික විය.

තවද මෙම සාකච්ඡාවේදී විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරන ලද අතර  දැනට 3% ක් වන ආබාධිත පුද්ගලයින්ගේ රැකියා අනුපාතය ලබන ජනවාරි සිට 6% දක්වා ඉහළ නැංවීමට හා ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම්  වැඩි කරන බවත් ආණ්ඩුකාරවරයා පවසන ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435