උතුරේ ස්වේච්ඡා ගුරුන් පාරට

උතුරු පළාතේ පාසල් තුළ ස්වෙච්ඡා පදනම යටතේ සේවය කරන පාසල් ගුරුවරුන් සිය සේවය ස්ථිර කරදෙන ලෙසට ඉල්ලා යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය ඉදිරිපස (20) විරෝධතාවයක නිරතවී තිබේ.

තමන් වසර ගණනාවක් තිස්සේ ස්වෙච්ඡා  පදනම යටතේ උතුරු පළාතේ පාසල් තුළ සේවය කරන නමුත් මේ දක්වා තම සේවය ස්ථිර කර නොමැති බව විරෝධතාවයට එක්වු ස්වෙච්ජා සේවයේ ගුරුවරුන් පවසයි.

තමන්ගේ සේවය ස්ථිර කරදෙන ලෙසට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළත් ඉන් ප්‍රයෝජනයක් අත්නොවු බවද විරෝධතාවයට එක්වු ගුරුවරු පැවසූහ.

ඒ අනුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් විරෝධතාකරුවන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබිණ.

විරෝධතාවය වෙනුවෙන් යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල්වල සේවයේ නිරත ස්වෙච්ඡා ගුරුවරුද එක්ව සිටියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435