උද්ෂෝෂණ නැතිව ෂේප් එකේ එන්න-විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

24 ජුනි 2014 – wedabima.lk

 

දකුණු කොරියානු රැකියා වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 

ඒ අනුව කඩාකප්පල්කාරී පිරිස් විසින් ගෙනයන ක්‍රියාමාර්ගයන් සඳහා මැදිහත් නොවන ලෙස කාර්යාංශය ඉල්ලීමක් කරයි.

 

ඇතැමුන් සිදුකරන උද්ඝෝෂණ හේතුවෙන් දකුණු කොරියාවේ කීර්තිනාමයට ද හානි සිදුවිය හැකි බැවින් එය මෙරට රැකියා අපේක්ෂකයින්ට අහිතකර විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

 

මේ වන විට දකුණු කොරියානු රැකියා ලබාදීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව එම කාර්යාංශය අවධාරණය කරයි.

 

2010 වර්ෂයේ සිට මේ දක්වා 26,318 දෙනෙකුට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

 

2013 වර්ෂයේ දී කොරියානු රැකියා සඳහා 4,884 දෙනෙකු ද පසුගිය මාස 6 ක කාලය ඇතුළත 2,694 දෙනෙකු ද රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියයි.

 

වැඩබිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435