උපාධිධාරී අභ්‍යසලාභීන්ගේ ගැටළු කිහිපයක් ගැන රජයේ අවදානයට

අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව අවසන් කළ උපාධිධාරීන් ස්ථීර කිරීමට යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට අනුමැතිය කඩිනම් කර ගැනීම, ප‍්‍රසූත නිවාඩු කප්පාදුව ඇතුළු ගැටළු සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින් සැප්: 28 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් හමුවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳයහන් වන්නේ,

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සම්බන්ධයෙන් හා 2020 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු කාල සීමාව තුළ මතු වූ ගැටළු, අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අදාළව ප‍්‍රසූත නිවාඩු කප්පාදු කිරීම හා 2020 උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ප‍්‍රතික්‍ෂේප කර ඇති උපාධිධාරීන්ගේ අභියාචනා සලකා බලා මේ වන විට උද්ගතව ඇති ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතුව ඇත.

උක්ත කරුණු සම්බන්ධයෙන් අප සංගමය 2020 ජූලි 22, 2020 අගෝස්තු 26, 2020 සැප්තැම්බර් 03, 04, 06, 09, 07, 11, 17, 18 යන දින සහිත ලිපි මගින් ලිඛිතව දැනුම් දී ඇතත් ඒ හා බැඳුණු ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි ස්ථීර විසඳුමක් ලැබී නොමැත.

02 2019. 08. 01 සහ 2019. 09. 16 යන දිනයන්හි අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත්ව මේ වනවිට වසරක පුහුණු අවසන් කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සඳහා යොමුකර ඇති අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට කඩිනමින් අනුමැතිය ලබා ගැනීම.

03 උක්ත දිනයන්හි අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත්ව වසරක පුහුණුව නිමා කර ඇති අභ්‍යාසලාභීන්ගේ ස්ථීර පත්වීම් දිනය පුහුණුව අවසන් පසු දිනට ලබා දීම.

04 ස්ථීර, තාවකාලික, අභ්‍යාසලාභී  ඕනෑම කාන්තා නිලධාරිනියකට හිමි අවම මූලික දින 84 (සති12) ප‍්‍රසූත නිවාඩු හිමිකම 2020 අභ්‍යාසලාභී උපාධිධාරී කාන්තා නිලධාරීන්ට ලබා නොදීම.

05 අභ්‍යාසලාභී පුහුණුව අවසන් කර ස්ථීර කිරීමේ දී අහිමි කරන සේවා කාලය ස්ථීර පත්වීම් සේවා කාලයට එක් කිරීම.

06 2020 උපාධිධාරීන් රැකියාගත කිරීමේදී ප‍්‍රත්ක්‍ෂේප වූ උපාධිධාරීන්ගේ අභියාචනා සලකා බැලීම හා ඔවුන් අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වන කාල සීමාව නිශ්චිතව සඳහන් කිරීම.

07. 2019 වර්ෂයේ සසල සසස අදියර යටතේ පුහුණුව අවසන් කර ඇති අභ්‍යාසලාභීන්ගේ මාසික රු.20000/- දීමනාව ඇතැම් ආයතන වල ප‍්‍රමාද වීම.

ඉහත සඳහන් ගැටළු සම්බන්ධයෙන් අප වෘත්තීය සමිති නියෝජිතයින් 2020. 09. 28 දින පෙ.ව. 10.00ට ගරු අමාත්‍යතුමා සහ අමාත්‍යාංශ ලේකම් තුමා ඇතුළු අදාළ බලධාරීන් හමු වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අදහස් කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435