උපාධිධාරින්ගේ රැකියා ගැටළුව ගැන යලිත් කතා බහක්

රැකියා ලබා දෙනවා යැයි පවසමින් මේ රටේ උපාධිධාරී තරුණ පිරිස රවටා ඇති බවත්, ජාතික ජනබලවේගය මෙරට තරුණයන් මිථ්‍යාව වෙනුවට විද්‍යාව දෙසට ගෙන යන වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දේශපාලනයේදී තමන්ගේ දරුවන්ට අවස්ථාව ලබා දෙනවා විනා අන් තරුණයන්ට දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ලබාදීමට දේශපාලනඥයන් ක්‍රියා කරන්නේ නෑ. මේ මැතිවරණයේදී රටේ තරුණ තරුණියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ස්මාට් තීරණයක් ගන්නා ලෙසයි. තාරුණ්‍යය නිතරම අලුත් වෙන්න කැමතියි. ඔවුන් නව පන්නයේ දේවල් හොයන්න උනන්දුයි. ලෝකයේ ඉදිරියට ගිය රටවල් එසේ වූයේ විශේෂයෙන්ම තාරුණ්‍යයේ දායකත්වය නිසයි. අද අපේ රටේ සමාජ ක්‍රියාවලියෙන් තාරුණ්‍යය ඉවත් කරලා. සමාජ සංස්කෘතික, රැකී රක්‍ෂා, ආදරය, මේ සෑම ක්‍ෂේත්‍රයකම ඇරියස් එකක් තරුණ තරුණියන්ට තිබෙනවා. දේශපාලනයේදී තරුණයන්ට අවස්ථා දෙනවා වෙනුවට මේ පාලකයන් කරන්නේ තමන්ගේ දරුවන් රජ කරවන්න, ඔවුන්ට ඔටුනු පළඳවන්න පාර කපා ගන්න එකයි.

අද මේ කොළ, නිල් පක්‍ෂ දෙකේ අපේක්‍ෂක ලැයිස්තුවල ඉන්නේ තරුණයන් වෙනුවට පල් හොරු. තරුණයන්ගේ අතපය බැඳලා පැත්තකට කරලා. ඊයේ පෙරේදා දවසක බැසිල් රාජපක්‍ෂ ප්‍රසිද්ධ රැස්වීමක කියනවා අප පොදුජන එක්සත් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකකම සංජීව එදිරිමාන්න කියන තරුණයාට දුන්නා, හැබැයි ඔහුට කිසිදු මාධ්‍යයකට ප්‍රකාශයක් දෙන්න එපා කියලා අප නීතියක් දැම්මා කියලා. මොකක්ද මේ කරන්නේ? තමන්ට උදව් කරන තරුණයන්ගේ අතපය බැඳලා ඔවුන් නාමමාත්‍රික තනතුරුවලට දමා ඔවුන්ට අපහාස කරන එකයි.

ජාතික ජනබලවේගයේ තරුණයන්හැටියට අපට දැන් හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ රටේ තරුණ තරුණියන්ට අවස්ථා විවර කරන එක ජාතික ජනබලවේග වැඩපිළිවෙළේ ප්‍රධාන කාර්යයක් සහ වගකීමක්. කාන්තාව රවටා වේදිකා සැරසිල්ලක් ලෙස පාවිච්චි කරන දේශපාලනය වෙනුවට කාන්තාවට නිසි තැන දෙන දේශපාලනය අප කරමින් ඉන්නවා.

උපුටා ගැනීම – දිනමිණ පුවත්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435