උපාධිධාරීන්ට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් පොරොන්දුවක්

බාහිර උපාධිධාරීන් මේ මස අවසානයේ සිට රජයේ රැකියාවලට බඳවා ගන්නා බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඊයේ දිනයේ (13) පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (13දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් හා විරෝධතා පාගමනක් පැවැත්වුණු අතර, පාගමනින් පසු ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍යංශ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එම සාකච්ඡාවේදී අදාළ පොරොන්දුව ලබාදුන් බවද එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435