උපාධිධාරීන් ඇතුළු 156,000කට රැකියා ලබා දෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් එක්ලක්‍ෂ පනස්දහසකට රැකියා ලබාදීමට පියවර ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ පසුගිය 29 වෙනිදින කළුතර ප්‍රදේශයේදී පැවැත්වූ ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා -“කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය තුළින් උපරිම ප‍්‍රයෝජන ගැනීමේ අවස්ථාව ජනතාවට දැන් හිමිව තිබෙනවා. නවීන තාක්‍ෂණය සමග සම්බන්ධ වී ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාලය එළඹ තිබෙනවා. මේ සඳහා කෘෂි බෝග අපනයනය නවතා දමා ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට රැුකියා ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් එක්ලක්‍ෂ පනස්දහසකට රැකියා ලබාදීමට මහ මැතිවරණයෙන් පසුව පියවර ගන්නවා. එමගින් රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන් දායක කර ගත හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. ” යනුවෙන් වැඩි දුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435