උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනිමට අදාල අලුත් නිවේදනය මෙන්න!

උපාධිධාරීන් විසි දෙදහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව තවත් තරුණ තරුණියන් විසිදහසකට පමණ රජයේ රැකියා ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ ඒ රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳව කඩිනමින් විස්තර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා මේ වනවිටත් අදාළ අංශවලට දැනුම් දී තිබෙන බවත් සඳහන්.

ඒ අනුව බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිවලට අනුව දේශපාලන භේදයකින් තොරව රජයේ රැකියා එම සුදුස්සන්ට ලබාදීමටත් එම බඳවා ගැනීම් විනිවිදභාවයකින් යුක්තව සිදුකරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇත.

කළමනාකරණ සහකාර, රියදුරු, කාර්යාල කාර්ය සහායක, ලිපිකරු, කම්කරු හා සනීපාරක්ෂක කම්කරු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පවතින පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

රජයේ ආයතනවල තිබෙන අත්‍යාවශ්‍ය පුරප්පාඩු සඳහා ඉදිරි මාස 2/3 අතර කාලය තුළ දේශපාලන අත්ගැසීම්වලින් තොරව සුදුසු අය බඳවා ගැනීමට කටයුතු කරන බවද සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435