උපාධිධාරීන් සඳහා අංශ කිහිපයක රැකියා අවස්ථා- අදම අයදුම් කරන්න

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ දක්ෂිණ සංවර්ධන අංශයට තනතුරු රැසක පුරප්පාඩු පිරවීම සදහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

එහිදී තොරතුරු තාක්ෂණික නිලධාරී, මානව සම්පත් නිලධාරී, තාක්ෂණික නිලධාරී, තොරතුරු තාක්ෂණික සහකාර, මණ්ඩල ලේකම්/නීති නිලධාරී, කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරී ඇතුළු තවත් පුරප්පාඩු රැසක් සදහා තනතුරුවල කාර්යභාරය මැනවින් ඉටුකළ හැකි කායික මානසික යෝග්‍යතාවයන්ගෙන් යුක්ත සුදුස්සන්ට අයදුම්පත් කැඳවා තිබේ.

රජයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ඔබට අංශ කිහිපයකින්ම රැකියා අවස්ථා හිමිවී ඇති බැවින් රැකියා අවස්ථාවකට අයදුම් කිරීමට හැකියාව ඇත. පමානොවී අදම ඔබගේ අයදුම්පත පහත ලිපිනයට යොමුකරන්න.

ලේකම්,
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය,
14 වන මහල, සුහුරුපාය,
බත්තරමුල්ල.

වැඩබිම

වැඩි විස්තර ඇතුළත් ගැසට් පත්‍රය ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435