උපාධිධාරීන් සියලුම දෙනාට පත්වීම් ලබා දීම ගැන ජනපතිගේ අවධානයට

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා පුහුණුවට බඳවා ගැනීම සඳහා මෙතෙක් පත්වීම් ලිපි ලබා නොදුන් සියළුම උපාධිධාරීන්ට කඩිනමින් පත්වීම් ලිපි ලබා දීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

උපාධිධාරී රැකියා පුහුණුවට බඳවා ගැනීමට අදාළව උපාධිධාරීන් හතලිස් හයදහසකට පමණ පත්වීම් ලිපි ලබාදී තිබෙන අතර,මීට අමතරව තවත් උපාධිධාරීන් දාහතර දහසකට ආසන්න පිරිස පත්වීම් ලිපි ලැබීම සුදුසුකම් ලැබූ අය බව එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පෙන්වා දී තිබේ.

එසේ නොමැතිව මුලින් පත්වීම් ලිපි ලැබූ පිරිස පුහුණුවට බඳවා ගෙන අනෙක් පිරිස ඊට පසුව බඳවා ගැනීමට කටයුතු කළොත් එය උපාධිධාරීන්ට සිදුවන අසාධාරණයක් බව පෙන්වා දෙන උන්වහන්සේ වසර ගණනාවක සිට රැකියා විරහිතව පසුවෙන සියළුම උපාධිධාරීන්ට එකවර පත්වී ලබා දීමටත් පුහුණුව ආරම්භ කිරිමටත් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම, පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට මාසිකව ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 20,000ක මුදලද පසුගිය මාස 05ක කාලයට ලාබාදිය යුතු බවත් අවධාරණය කළහ.

රැකියා විරහිත උපාධිධාරීන්ට ඇතිවී තිබෙන ගැටළු සහ ඉදිරියේදී සිදුකළ යුතු කටයුතු සම්බන්ධයෙන් සිය සංගමය සාකච්චා කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435