උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ  තරඟ විභාගය – 2019

සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  3. 2019.03.29 වන දිනට පූර්වාසන්න වසර 03ක අඛණ්ඩ ස්ථිර පදිංචියක් උතුරු මැද පළාත තුළ තිබීම.
  4. 2019.03.29 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය.
  5. 2019.03.29 වන දිනට සියලු අධ්‍යාපන සුදුසුකම් සහ අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කර තිබීම.

වැටුප් පරිමාණය – රු.27,740 – 6 x 300- 07 x 380 – 2 x 445 – රු. 33,090

විභාග ගාස්තු

විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල උතුරු මැද පළාත් පොදු තැම්පත් ගිණුමට බැරවන සේ උතුරු මැද පළාතේ පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.

විභාගය

පහත සඳහන් විෂයන් 02 ට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.

විෂයය                                                   කාලය (පැය)                 මුළු ලකුණු

  1. අභියෝග්‍යතාවය                                  01                                100
  2. සාමාන්‍ය දැනීම                                    01                                100

ලිඛිත පරීක්ෂණයෙන් අයදුම්කරුවන් ලබා ගන්නා මුළු ලකුණු එකතුවේ ප්‍රමුඛතාවය මත අයදුම්කරුවන් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන් ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් විය යුතුය.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.03.29 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, අනුරාධපුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

වැඩි විස්තර පහත නිවේදනයේ දැක්වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435