උපාධිධාරීන් 16,000කට රජයේ රැකියා ලබා දීමේ සූදානමක්

රැකියා විරහිත උපාධිධාරීන් 16,000ක් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා ප්‍රකාශකර ඇති බව වාර්තා වේ.

අදාල බඳවා ගැනීම්වලට වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත්කර ඇති බවත් ඒ යටතේ රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන් වසරක කාලයක පුහුණුවකින් පසුව රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරුවල පිහිටුවීමට නියමිත බවත් අසංක දයාරත්න මහතා පෙන්වා දෙයි .

එමෙන්ම මෙම නව උපාධිධාරීන් 16,000ට අමතරව මීට පෙර බඳවාගත් උපාධිධාරීන් 3,650 දෙනෙකු නුදුරේදීම රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරු සඳහා බඳවා ගැනීමට නියමිත බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය , මහාභාණ්ඩාගාරය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසීය.

වැඩබිම

 

සබැඳි ලිපි:

විෂයන් රැසක උපාධිධාරී ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -වෙනත් පළාත්වල උපාධිධාරීන්ටත් අයඳුම් කිරීමේ හැකියාව

උපාධිධාරී, ඩිප්ලෝමාධාරී ගුරු පුරප්පාඩු යලිත් ගැසට් වෙයි – සුදුසුකම් ඇති ඔබ අයඳුම්කරන්න

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (4)

  1. Author says:

    රාජ්‍ය පරිපාලන කලමනාකරණ සහකාර විභාගයේ තෙවන වටයේ බදවා ගැනීම් සිදු කරන ලෙස ඉතා කරුණිකව ඉල්ලා සිටිමි.

    (0)(0)



    0



    0
  2. Author says:

    රාජ්‍ය කලමනාකරණ සහකාර විභාගයේ තෙවන වටයේ බදවා ගැනීම් සිදු කරන්න.

    (0)(0)



    0



    0
  3. Author says:

    වර්ෂ පිලිවලට බදවා ගන්න

    (3)(4)



    6



    0
  4. 2012 නොවෙම්බෙර්මස උපාධිය සම්පුර්ණ කර (අවුරුදු 07) මෙතෙක් රැකියා විරහිතව සිටින බැවින් ,උපාධිය ලබාගත් වර්ෂ පිළිවෙලට රැකියා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

    (6)(1)



    9



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435