උපාධිධාරීන් 50,000ක් සම්මුඛ පරීක්ෂණවලට කැඳවා 5100කට පත්වීම් දීලා

සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව පවසමින් පනස් දහසකට ආසන්න උපාධිධාරීන් පිරිසක් සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවීමට ආණ්ඩුව ඉකුත් වසරේ කටයුතු කළ ද ඉන් රැකියා ලබාදී තිබෙන්නේ පන්දහස් එකසියයකට පමණක් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) ස්ථාවර නියෝග යටතේ ප‍්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

ස්ථාවර නියෝග (27/2) යටතේ විපක්‍ෂ නායකවරයා අසන ලද ප‍්‍රශ්නය මෙසේ ය.

අප නිදහස ලබා වසර 71 ක් සම්පූර්ණ වී ඇත. අප දරුවන් භුක්තිවිඳින නිදහස් අධ්‍යාපනයට ද ඊට සමාන වයසකි. එහෙත්  ශ‍්‍රී ලංකාවේ විශ්වවිiාල තුළින් අධ්‍යාපනය ලබන බුද්ධිමතුන් ලෙස සහතික දරමින් රැකියා විරහිතව සිටින ඉහළම සංඛ්‍යාව ඉතිහාසයේ කවර කාලයකටත් වඩා අද වාර්තා වී තිබීම කනගාටුවට කරුණකි. ගණනින් එය 57,000 කට අධිකය. ඉහළ පන්ති සාමාර්ථ සහිත දරුවන් මේ අතර දහස් ගණනකි.

වසරින් වසර ඉහළ යන රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රතිශතය වත්මන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්වන තවත් ප‍්‍රබල දර්ශකයක් බවට මේ වනවිට පත්ව ඇත.

රැකියා දස ලක්‍ෂයක් පිළිබඳව මැතිවරණ වේදිකා තුළ ආකර්ෂණීය පොරොන්දු දුන් දේශපාලන පක්‍ෂයක්, ආණ්ඩු බලය හොබවද්දී හැට දහසකට ආසන්න ජාතියේ බුද්ධිමත් දරුවන් රැකියා විරහිතව පසුවීම ඛේදවාචකයකි.

සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව පවසමින් පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවීමට ඉකුත් වසරේ කටයුතු කළ ද ඉන් රැකියා ලබාදී ඇත්තේ පන් දහස් එකසීයකට (5100) පමණක් බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන දක්වයි.

වසර 35 ඉක්මවීම සහ බාහිර උපාධිය ලබාගැනීම නුසුදුසුකම් ලෙස දක්වමින් බුද්ධිමත් තරුණ ප‍්‍රජාව තුළ බෙදීමක් ඇති කිරීම හා එමඟින් බුද්ධිමතුන් රැසකට අසාධාරණයක් සිදු කිරීමට රජය කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

එකවර 48,000 ක් වූ උපාධිධාරී දරුවන් රාජ්‍ය සේවයට එක්කර ගනිමින් 2012 වසරේදී එවකට රජය අනුගමනය කරනු ලැබූ ක‍්‍රමවේදය ආදර්ශයට ගෙන කිසිදු වර්ග කිරීමකින් තොරව රැකියා විරහිත උපාධිධාරීන් සියලූ දෙනා සුදුසු රැුකියාවන්හි පිහිටු වීමට රජය ක්‍ෂණික පියවර ගත යුතු බව මෙම ගරු සභාවට දන්වා සිටිමි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. B.rathnayake says:

    ඔබ තුමාගේ අදහස් ගැන අපි සතුටු වෙමු.
    හැකි විගස මෙයට පිළිතුරක් ලබාදිය හැකිනම්
    එය ඉතා අගනේය.

    (0)(0)



    0



    0
  2. රජයෙ චක්‍රලේඛනයට අනුව අවු.45 පිරුනම රැකියා නැහැ මෙ අතර එහෙම අය කොච්චර ඉන්නවද කීදෙනෙකුට එහෙම වෙන්න ඇද්ද හෙට අනිද්දා 45 පිරෙන කීදෙනෙක් ඉන්නවද එ අයගෙ මුලු ජීවිතයම අනාතයි

    (1)(1)



    2



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435