උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ගැන වැඩිදුර විස්තර මෙන්න!

උපාධිධාරී අභ්‍යාසලාභීන් 4,667ක් පුහුණුව සඳහා මෙම මාසයේදී බඳවා ගනු ලබන බව අගමැති සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම් දීම ඇමැති මණ්ඩලයේ අවධානයට යොමු වී ඇත.

වයස අවුරුදු 45 සීමාව ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, මෙම බඳවා ගැනීම සිදු කෙරේ.

ඇමැති මණ්ඩලය විසින් මීට ඉහතදී ලබා දී ඇති තීරණය ප්‍රකාරව, දැනට පුරප්පාඩුව පවතින උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4,667ක් සඳහා, කාලානුක්‍රම අනුව, 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් මේ පුහුණුව ට බඳවා ගනු ඇත.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435