උපාධිධාරී ගුරු පත්වීම්වලට අයඳුම් කිරීමේ නව සුදුසුකමක් ගැන ඉඟියක්

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින්  පවත්වන උසස් ජාතික ඉංග්‍රිසී ඩිප්ලෝමාව සාර්ථකව නිම කල සිසුන් හට  බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර අසාද් සාලී මහතා පවසයි.

බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරු පුරප්පාඩු සඳහා අප්‍රෙල් මස 18 වන දිනට අයදුම්පත් කැඳවා අවසන් වූ ගැසට් නිවේදනය සඳහා අයදුම් කිරීමට අවසර ඉල්ලමින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ උපාධිධාරීන් 60ක් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමු වූ අවස්ථාවේදී  මෙම නිවේදනය කරන ලදි.

අසාද් සාලී මහතා තවදුරටත් පවසා සිටියේ අධ්‍යාපනය සඳහා මූලික තැනක්  ලබා දී ඇති  බවත් රජය අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවත්ය.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435