උපාධිධාරී රැකියා අපේක්ෂකයින්ට තවත් රැකියා අවස්ථාවන්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස උපාධිධාරීන් 200 දෙනෙක් බඳවා ගැනීමට යයි.

මේ වන විට එසේ බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණ සඳහා ද යොමුකර අවසන් බවත් ඔවුන් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලැබීමෙන් පසු ළගදීම සේවයට බඳවා ගැනීමට පියවර ගන්නා බවත් වාර්තා වෙයි. එසේ බදවා ගන්නා උපාධිධාරීන්ට මාස 6 ක සේවා පුහුණුවක් ලබා දීමටද නියමිතව ඇති අතර ඒ සඳහාද අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සැළසුම්කර ඇතැයි එම කොමිසමේ උසස් නිලධාරියකු පැවැසීය. මේ වන විට අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටින්නේ පොලිසියෙන් තෝරාගත් නිලධාරීන් 210 දෙනෙකි. ඉදිරියේ දී විමර්ශන අංශයට බඳවා ගැනීම වෙනුවට උපාධිධාරීන්ව බඳවා ගැනීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය. තවත් වසර කිහිපයක් යන විට අල්ලස් කොමිසමේ සේවයට පොලිසියේ නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට අවශ්‍ය නොවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435