උපාධියට සරිලන ලෙස සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදෙන බවට අනාවැකියක්

රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට මෙවර අයවැයෙන් රැකියා ලබා දීමට කටයුතු කරන බව ආර්ථික කටයුතු ,ජාතික ප්‍රතිපත්ති සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එහිදී එතුමා සඳහන් කළ විශේෂ කාරණාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු අතර අභ්‍යන්තර බාහිර භේදයකින් තොරව උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කටයුතු කිරීම ගැන සාකච්ඡා කළ අතරම ඉදිරියේදී රජයක් හැටියට රැකියා ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, අදියරෙන් අදියර උපාධියට සරිලන පරිදි සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා රැකියා ගත කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී උපාධියට ගැළපෙන පරිදි සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම ගැන අලුත් බලාපොරොත්තුවක් උපාධිධාරීන්ට ලබා දී ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී රැකියා විරහිත උපාධිධාරීන්ට අදියරින් අදියර සංවර්ධන නිලධාරී පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා විසින්  ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, දේශපාලන කුමන්ත්‍රණය නිසා මේ කටයුතු අඩාල වූ බවත් වැඩිදුරටත් සඳහන් කළ අතර නැවත එම පත්වීම් ලබාදීම ගැන නව අපේක්ෂාවක්ද මෙලෙස උපාධිධාරීන්ට ලබා දී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. මගේ අදහසනම් උපාධි වලංගු දිනයට අනුව ඒ පිළිවෙලට රැකියා ලබා දිය යුතු බවයි.මොකද කලින් වතාවේ රැකියා ලබා ගත් සියලු දෙනාත් රැකියා නොලැබූ අන් සියලු දෙනාටමත් තියෙන්නේ එකම සුදුසුකමයි.ඒක තමයි
    විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් ඕනෑම උපාධියක් ලබා තිබීම හා රැකියා විරහිතව සිටීමයි.
    එසේනම් ඔය රැකියා ලබා ගත් පිරිසයි රැකියා නොලැබුණු පිරිසයි අතර ඇති වෙනස කුමක්ද?
    ඩිප්ලෝමා වැඩිපුර කරපු එකද???ඒවා අපිත් කරා.අපි කරේ නැත්තේ දහම් පාසලේ උගන්නපු නැති එකයි.එතකොට ඔය රස්සා ගත්ත සියලුම දෙනා දහම්පාසල්වල උගන්නපු අය වෙන්නැති.
    කිසිදු උපාධි වලංගු දිනයක් පිළිබද නොසලකා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසුම රැකියා ලබා ගත් පිරිසකුත් සිටිනවා.
    රැකියා ලබා ගත් කිසිම පුද්ගලයෙකුට අප කිසිම දෙයක් කියන්නේවත් බැන වදින්නේවත් නැත.ඔවුන් කෙසේ හෝ රැකියව ලබා ගත්තා.
    නමුත් රැකියා ලබා දුන්න අය එය කිසිඳු විනිවිදභාවයකින් තොරව රැකියා ලබාදීමක් සිදුකළ බවයි අපේ හැගීම.2012 සිට 2016 12.31 දක්වා උපාධි වලංගු අයට නැව්ත දෙවන අදියරක් ලෙස දෙන බවට පොරොන්දුවකුත් මා හට දකින්නට ලැබුණා.
    සියල්ල සිදුවී යතාර්ථයක් වන තුරු එය හුදු සිහිනයක් පමණි.ඒ සිහිනය යතාර්ථයක් වනවා දකින්නට අප මග බලා සිටින්නෙමු.
    මන්දයත් අප වයස අවුරුදු 35ට පෙර අපගේ අවශ්‍යතාව ඉටු කරගත නිසාවෙනි.

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435