උපාධි රැකියා පෝලීම් කිරීම හා වෘත්තීමය රැකියා සදහා උපාධිදාරීන් පිටින් ගැනීම

ජයවර්ධනපුර සම සෞඛ්‍ය විද්‍යා පීඨය වසර ගණනාවකට පසු එක් විෂයක් සදහා සිසුන් 25ක පමණ ප්‍රමාණයක් වැඩිපුර බදවා ගැනීමට තීරණය කර තිබේ. ඒ වෙණුවෙන් අදාල විශ්ව විද්‍යාලය ඇගයීම සදහා වෙනම වැඩසටහනක් පැවත්වීමට පවා අදාල වෘත්තිකයින් කටයුතු කරමින් සිටීම මගින්, ඒ සදහා ඇති ඉල්ලුමෙහි ප්‍රභලතාවය පැහැදිළිවේ.

වසර ගණනාවක් තිස්සේ සිදු කරණු ලැබූ ඉල්ලීම ගණනාවකට පසු, යන්තමට හෝ ඇහැරී ඇත්තේ එක් විශ්වවිද්‍යාලයක් පමණි.

වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ට අදාලව විශාල ඉල්ලුමක් සහිත වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදී, භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්තසක, විකිරණ චිකිත්සක සහ හෙද උපධි සදහා විශ්ව සියළු විශ්ව විද්‍යාල දැනට සිසුන් බදවා ගණු ලබන්නේ 20ක පමණ අවම ප්‍රමාණයකි. අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් හෝ එම ප්‍රමාණය වැඩි කරන ලෙස වතාවන් ගණනාවකදීම ඉල්ලුම් කලද, ඒ සදහා මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැත.

ඒ අතරතුර රැකියා විරහිත උපාධිදාරී පෝලිම දිනෙන් දින දික් ගැස්සෙමින් තිබෙන අතර, අතුරින් යම් ප්‍රමාණයකට “කෘතිම රැකියා” ලබා දීමට රජය මේ දිනවල කටයුතු කරමින් සිටින බව වාර්ථාවේ.

මේ සිදුවීම් දෙකම එකම රටක, එකම විශ්ව විද්‍යාල පද්ධතියක ඇති ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිවන පරස්පර ක්‍රියාවලි දෙකකි. ඉන් එකක් විශ්ව විද්‍යාල මගින් පවතින සේවා අවශ්‍යතාවයට අනූව උපාධිදාරීන් බිහි නොකිරීම නිසාද, අනෙක රැකියා අවස්ථා නොමැති උපාධිදාරීන් අතිරික්තව බිහි කිරීම නිසා ඇතිව තිබේ.

සුදුසුකම් සපුරණු ලබන සියළු පරිපූරක වෛද්‍ය උපාධිදාරීන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල රැකියා අපි අස්ථා හිමිවන අතර, ඒ සදහා අනුමත තනතුරු රැසක් පුරප්පාඩු වශයෙන් පැවතීම හේතුවෙන් සත්කාර සේවාවේ අඩාල වීම්, ප්‍රමාදවීම් හා දිගු පොලිම් ආදියද ඇතිව තිබේ. එසේම අවශ්‍ය ප්‍රමාණයට උපාධිදාරීන් බිහි නොවීම හේතුවෙන්, වෙනත් ක්‍රම හරහා එම තනතුරු ඇබෑර්තු පිරවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

ඒ සදහා ඇති එක් ක්‍රමයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වෙනම පුහුණු අයතන පවත්වා ගනිමින් ඩිප්ලෝමා තනතුරු සදහා පුහුණු කිරීම සිදුවේ. සෞඛ්‍ය රෝගී සත්කාර සේවාව වෙණුවෙන් වැය කල හැකි මුදලින් විශාල කොටසක් ඒ සදහා වැය කිරීමට සිදුවන අතර, අදාල ඩිප්ලෝමාධාරීන් නැවත උපාධිදාරීන් බවට පරිවර්තනය කිරීම සදහා වරින් වර විශ්ව විද්‍යාල වෙත මුදා හැරීමටද සිදුවේ.

එසේම, මෙම තත්වය දඩමීමා කර ගනිමින් කිසිදු ප්‍රමිතියකින් විදේශීය විශ්ව විද්‍යාල උපාධිදාරීන් සදහ රජයේ රැකියා අවස්ථා ලැබා දීම සදහා “රහස් දොරටුවක්” විවර කර ගැනීමටද, ඒ හරහා රජයේ රැකියා මුදලට විකිනීමේ ව්‍යාපාර පවත්වා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් හා වෛද්‍ය සභාවේ  කටයුතු කරමින් සිටී.

තවද පෞද්ගලික අංශය තුල අදාල වෘත්තිකයින් සදහා පවතින හිගය පදනම් කරමින්, විවිධ “ඩිප්ලෝමා කඩ” සදහා ඉඩකඩ විවර වී ඇති අතර, අදාල ඩිප්ලෝමා කඩ සදහා, වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමේ “රහස් දොරටු” විවෘත කිරීමට වෛද්‍ය සභාවේ හා වෛද්‍ය විද්‍යාල සභාවේ ඇතැම් නිළධාරී කටයුතු කරමි සිටී.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබදව  විශරද අදහස් කෙසේ වුවද, උපාධියක් ලබා ගන්නා සියළු උපාධිදාරීන් රජයේ රැකියාවක් අපේක්ෂා කරන තත්ත්වයක් තුල, රැකියා වෙළද පළට පරස්පරව උපාධිදාරීන් නිර්මාණය කිරීමේ මෙම දරදඩු පිළිවෙත, කිසිසේත්ම උපාධිදාරීන්ගේ හෝ රටෙහි අනාගත අභිවෘද්ධියෙහි හිත සුව පිනිස නොවණු ඇත.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435