උපාධීධාරි අභ්‍යාසලාභී පත්වීම් ලැබූ නිලධාරීන්ට වැදගත් නිවේදනයක්!

උපාධීධාරි අභ්‍යාසලාභී පත්වීම් ලබන නිලධාරීනියන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධව ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් විවිධානවලට පරිබාහිරව නිවාඩු දීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ දිනයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන උපාධිධාරි පුහුණු වැඩසටහන යටතේ බඳවාගත්  නිලධාරිනියන්ට ලබාදී ඇති පත්වීම් ලිපිය අනුව සති 06ක ප්‍රසූත නිවාඩුවක් පමණක් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙන අතර ඔවුන්ගේ පත්වීමේ ලිපිය අනුව ලබාදෙන සති 06ක නිවාඩු කාලයෙන් ඔබ්බට ලබාගන්නා නිවාඩුවලට  මාසික වැටුපින් අඩුකරන බවද එහිදී විශේෂයෙන් සිහිපත්කරදී තිබේ.

එහෙත් ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභි නිලධාරිනියන්ට ඔවුන්ගේ පත්වීම් ලිපියේ සදහන් ප්‍රසූත නිවාඩුවලින් පරිබාහිරව යම් යම් සහන ලබාදෙමින් අමාත්‍ය මණ්ඩලය තීරණ ගෙන තිබෙන බවත්, එහිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අනුව මාස 09ක පුහුණු කාලය සපුරා ඇති උපාධිධාරි අභ්‍යාසලාභිනියන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීම  සිදුවන බවත් හෙතෙම කීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435