එක්රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය සුරැකීම පිළිබඳ සම්මුතිය. 1948 (අංක 87)

එක්රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය සුරැකීම පිළිබඳ සම්මුතිය. 1948 (අංක 87)

ශ්‍රී ලංකාවේ අපරානුමත කිරීම: 1995

කමිටුව මතුකළ කරුණු සම්බන්ධයෙන් 2015 අගෝස්තු 31 දිනැතිව IndustriALL ගෝලීය වෘත්තීය සමිතිය විසින් ලබාදුන් නිරීක්‍ෂණ​ කමිටුව සැලකිල්ලට ගනී. එමෙන්ම කමිටුව මතුකළ කරුණු සම්බන්ධයෙන් 2014 සැප්තම්බර් 1වන දින ITUC වෙතින් ලද නිරීක්‍ෂණ මෙන්ම ඒ පිළිබඳව  රජයෙන් ලැබුණ ප්‍රතිචාරද කමිටුව සැලකිලිල්ල ගනී. ලංකා ජාතික වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය විසින් එහි 2012 වසරේ නිරීක්‍ෂණ මඟින් මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් වූ රජයේ ප්‍රතිචාරද කමිටුව විසින් වැඩිදුරටත් සලකිලිමත් වෙයි. ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ ජාත්‍යන්තර හාම්පුතුන්ගේ සංවිධානය (IOE) 2011දී කරන ලද නිරීක්‍ෂණ සඳහා රජය විසින් පලකරන ලද අදහස්ද කමිටුව විසින් සැලකිල්ලට භාජනය කරයි. 2015 සැප්තැම්බර් 1 වන දින IOE විසින් කරන ලද පොදු නිරීක්‍ෂණ පිළිබඳවද කමිටුව සැලකිලිමත් වෙයි.

2012දී ITUC විසින් කරන ලද නිරීක්‍ෂණ සම්බන්ධයෙන් රජය එවූ  ප්‍රකාශයේදී අපනයන කලාපයේ වැඩ වර්ජනයකින් පසු කම්කරුවන් අත් අඩංගුවට ගැනීම, රඳවා තබාගෙනීම් සහ වෘර්තීය සමිති ක්‍රියාකාරීන්ගේ සේවය අත්හිටුවීම මෙන්ම කම්කරුවන්ගේ විරෝධතාවක් අතරතුර කම්කරුවකුගේ මරණයට හා තුවාල කරුවන් සිය ගණනක් සඳහා හේතුවූ පොලිස් ප්‍රචණ්ඩත්වය හා වෙඩි තැබීම යන බරපතල චෝදනා සඳහා ප්‍රතිචාර දක්වා නොතිබීම පිළිබඳවද කමිටුව සිය සැලකිල්ල යොමු කර සිටි. සත්‍ය ලෙසින් නිදහස් හා ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් වර්ධනය කරගත හැක්කේ කම්කරු සංවිධානවල නායකයන්ට හා සාමජිකයන්ට එරෙහිව වන ඕනෑම ආකාරයක වූ ප්‍රචණ්ඩත්වයන්ගෙන්, පීඩනයන්ගෙන් සහ තර්ජනයන්ගෙන් තොර වාතාවරණයකදී පමණක් බව යළිත් වරක් සිහිපත් කරමින් ඉහත චෝදනා සඳහා රජයේ අදහස් දක්වන ලෙසටත් අධික ලෙස ප්‍රචණ්ඩකාරී ලෙසින් උද්ඝෝෂණ පාලනය කිරීම තහනම් කිරීමත්, බරපතලව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෝ අපරාධමය ක්‍රියාවක් සිදුකර ඇති විටක හැර අත්අඩංගුවට ගැනීම් නොකිරීමත්, වැඩ වර්ජන අවස්ථාවකදී මහජනතාවට සැබෑ හා ආසන්න අනතුරක් ඇත්නම් පමණක් හැර පොලිසිය නොකැඳවීමත් සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කමිටුව රජයෙන් ඉල්ලා සිටී.

සේවක එක්රැස්වීමේ නිදහස හා සාමූහික කේවල් කිරීම සම්බන්ධ ගැටළු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහාත් ජාතික ශ්‍රම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා නීතිරීති හා භාවිතය වැඩි දියුණු  කළයුතු ආකාරය ගැන සළකා බැලීමටත් ත්‍රෛපාර්ශවික උප කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් 2011 ජාතික කම්කරු උපදේශක සභාව විසින් ගනු ලැබූ තීරණය පසුගිය කමිටුව විසින් සැලකිල්ල යොමු කොට ඇත. එම ත්‍රෛපාර්ශවික ක්‍රියාවලිය සාධනීය ප්‍රතිඵලයන් ගෙන එතැයි කමිටුව එහිදී විශ්වාසය පළකර සිටී. සම්මුතිය ක්‍රියාවේ යෙදවීම උදෙසා කාර්මික ආරවුල් පනතට ගෙන ආ යුතු සංශෝධන සම්බන්ධයෙන් සේවායෝජක සහ සේවක යන දෙපාර්ශවයම යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනා පිළිබඳ සකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බවත්, එම සාකච්ඡා උප කමිටු මට්ටමින් සහ ජාතික කම්කරු උපදේශක සභා (NLAC)  මට්ටමින් තව දුරටත් පැවැත්වෙනු ඇති බවත් රජය විසින් දක්වා සිටීමද  මෙම කමිටුව විසින් සැලකිල්ලට ගනී. 2011 මාර්තු 7වන දින නිදහස් වෙළද කලාපය සඳහා ත්‍රෛපාර්ශවීය කමිටුවක් පිහිටුවීමට NLAC විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වී නැති බවට IndustriALL විසින් කර ඇති සඳහනද පිළිබඳව සැලකිලිමත් වේ. ඉහත සඳහන් ත්‍රෛපාර්ශවීය සංසද පිහිටුවීම හෝ ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන වන ඕනෑම වර්ධනයක්  සම්බන්ධ තොරතුරු ලබා දෙන මෙන් කමිටුව රජයෙන් ඉල්ලා සිටින අතර වසර ගණනක් පුරා මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ අදහස් සම්පූර්න ලෙසින් සැලකිල්ලට ගනිමින් කම්කරු නීති සංශෝධනය කිරීමක් වෙනුවෙන් මෙම ත්‍රෛපාර්ශවීය යන්ත්‍රණයන් දායක වෙතැයි කමිටුව දැඩි  බලාපොරොත්තු පළ කරයි.

සම්මුතියේ 2 වන වගන්තිය. වෘත්තීය සමිති සාමජිකත්වය සඳහා අවම වයස​. රැකියා සඳහා වූ අවම වයස අවුරුදු 14 සහ වෘත්තීය සමිති සාමජිකත්වය සඳහා අවශ්‍ය අවම වයස 16 (වෘත්තීය සමිති ආඥාපනතේ 31 වන වගන්තිය) බවට වූ පසුගිය නිරීක්‍ෂණ සලකා බලමින් කමිටුව නැවතත් කියා සිටින්නේ වෘත්තීය සමිතියකට බැඳීමේ අවම වයස රැකියා රැකියා ප්‍රවේශය සඳහා අවශ්‍ය අවම​ වයස හා සමාන විය යුතු බවයි. ප්‍රතිපත්තියක් වශයෙන් කම්කරු අමාත්‍යාංශය මේ වෙනුවෙන් වෘත්තීය සමිති ආඥාපනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවත් එකී කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ වන බවත් රජය ඉදිරිපත් කර තිබූ වාර්තාවේ දක්වා තිබීම කමිටුව විසින් වුවමනාවෙන් සටහන් කරගනී. වෘත්තීය සමිති සාමජිකත්වය සඳහා අවම වයස රැකියා ප්‍රවේශය​ සඳහා අවශ්‍ය අවම වයස සමඟ එක මට්ටමකට ගෙන ඒම නුදුරු අනාගතයේ දී සිදුවනු ඇතැයි කමිටුව බලාපොරොත්තුවන අතර මේ සම්බන්ධයෙන් ඕනෑම වර්ධනයක් පිළිබඳ වන තොරතුරු ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටී.

සම්මුතියේ 2 හා 5 වගන්ති. රජයේ සේවකයන්ගේ සංවිධාන වලට සම්මේලන හා සහසම්මේල පිහිටුවීමටත් ඒවාට බැඳීමටත් ඇති අයිතිය​. රාජ්‍ය අංශයේ එක් අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට වඩා වැඩියෙන් ආවරණය වනසේ පළමු පෙළ සංවිධාන ඇතිකිරීමටත් එම සංවිධානවල කැමැත්ත මත සම්මේලන වලට ඇතුළුවීමත් සහතික කරමින් වෘත්තීය සමිති ආඥාපනතේ 21 වන වගන්තිය නුදුරු අනාගතයේ සංශෝධනය කරනු ඇතැයි හා ඒ වෙනුවෙන් වන​ වර්ධනයන් පිළිබඳ වන තොරතුරු රජයේ මීළඟ වාර්තාව මගින් ලබා දෙනු ඇතැයි විසින් පසුගිය වර තැබූ බලාපොරොත්තුව කමිටුව නැවත අවධාරණය කර සිටී. (i) ඒකාබද්ධ වීමට හෝ සම්මේලන සාදා ගැනීමට ඇති තහනම රාජ්‍ය අංශයේ සෑම වෘත්තීය සමිතියකටම බලනොපාන බවත්, රජයේ මාණ්ඩලික නිළධාරීන් හා සාම නිළධාරීන් අඩංගුවන වෘත්තීය සමිතිය වලට පමණක් එය වලංගු වන බවත් (ii) සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය (HSTUA) සිරස් අතට ඒකාබද්ධ වූ වෘත්තීය සමිති සඳහා උදාහරණයක් බවත් (iii) ලියාපදිංචි නොවූ හා සම්මේලන ලෙස නොපිළිගත් ක්‍රයාත්මක ඒකාබද්ධතාවයන් රාජ්‍ය සේවය තුළ විවෘතවම දැකියහැකි බවත් (iv) රාජ්‍ය සේවය තුළ ඇති වෘත්තීය සමිති වලට ඔවුන් අතරම හෝ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති සමඟ සංධානගත වීමට ඉඩදෙන ලෙසින් වෘත්තීය සමිති ආඥාපනත සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙමින් ඇති බවත් රජය විසින් වාර්තා කොට තිබීම පිළිබඳව කමිටුව සැලකිලිමත් වේ. රාජ්‍ය අංශයේ එක් අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට වඩා වැඩියෙන් ආවරණය වන ලෙසින් පළමු පෙළ සංවිධාන ගොඩනගා ගැනීමට සේවකයන්ට ඉඩ දීමත්, තම කැමැත්ත අනුව සම්මේලන වලට හා සහසම්මේලන  වලට සම්බන්ධ වීම සහතික කිරීමත්, එම​ සංවිධාන වලට ඔවුන් අතරම හෝ පුද්ගලික අංශයේ සේවක සංවිධාන සමඟ සාමූහිකව එකට වැඩ කිරීමත් සහතික කිරීම අවශ්‍ය බවට කමිටුව අවධාරණය කර සිටී. රජය විසින් දක්වා සිටි සාකච්ඡාවෙන් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයිද ඒ හරහා වෘත්තීය සමිති ආඥාපනතේ 21 වන වගන්තිය සංශෝධනයට අවශ්‍ය පියවර රජය විසින් ඉතා ඉක්මනින් ගනු ඇතැයිද කමිටුව දැඩි ලෙස බලාපොරොත්තුවේ.

3 වගන්තිය. රාජ්‍ය අංශයේ ආරවුල් නිරාකරණ යන්ත්‍රනය​. රාජ්‍ය අංශය සඳහා සම්මුතිය, සමතකරණය, කාර්මික අධිකරණය හා කාර්මික විනිශ්චයාධිකරණය යන ක්‍රියාවලීන් ලබා දී ඇති කාර්මික ආරවුල් පනත රාජ්‍ය සේවකයන් සඳහා අදාල නොවන බවත් (කාර්මික ආරවුල් පනතේ 49 වගන්තිය​) ILO තාක්‍ෂණික ආධාර ලැබ ආරවුල් නිරාකරණය කිරීමේ හා වැලැක්වීමේ යන්ත්‍රණයක් රාජ්‍ය අංශය සඳහා සකස් කර ඇති බවත් එසේ ආරවුල් නිරාකරණය කිරීමේ යන්ත්‍රණය වෙනුවෙන් සකස් කළ ලේඛණය අනුමතව ඇති බවත් කමිටුව තම පසුගිය සටහන් වලින් දක්වා සිටින ලදී. නුදුරු අනාගතයේ ඒ ගැන ප්‍රගතියක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පලකළ කමිටුව ඒ සම්බන්ධයෙන් වන වර්ධනයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටීය. (i) ILO ආධාරයෙන් සකස් කළ ආරවුල් නිරාකරණ කිරීම හා සාමාජීය සංවාද සඳහා වූ යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවත් (ii) පසුව සමස්ත රාජ්‍ය අංශයටම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ගනුලබන මූලෝපායික ක්‍රියාමාර්ගයක් ලෙසට නියමු ව්‍යාපෘතියක් ලෙසින් සෞඛ්‍ය අංශය තුළ මෙම යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් (iii) මෙම නියමු ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලදුව එය සමස්ත රාජ්‍ය අංශයටම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අනුමැතිය ලැබී ඇති බවත් (iv) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සම්බන්ධ කරගනිමින් මෙම යන්ත්‍රනය පුලුල් කිරීම; සමථකරණය හා බේරුම්කරණය වෙනුවෙන් නව ව්‍යුහයන් ස්ථාපිත කිරීමත්, ඒවායේ විනිශ්චයාධිකරණ බලය තීරණය කිරීමත්, ඒ වෙනුවෙන් ක්‍රියාපටිපාටි සකස් කිරීම වැනී ඉදිරි ක්‍රියා මාර්ග සකස් කිරීම​; කළමණාකරනය හා වෘත්තීය සමිති නායකත්වය පුහුණු කිරීම; මෙය අධීක්‍ෂණය සඳහා යන්ත්‍රනයක් සකස් කිරීම සම්බන්ධයෙන් දැක්මක් ඇති කරගෙන ඇති බවත් රජය විසින් දක්වා තිබීම කමිටුව වුවමනාවෙන් සටහන් කරගනී. කමිටුවේ පසුගිය සටහන් වලින් ඉදිරිපත් කළ මූලධර්ම එලෙසින්ම ක්‍රියාත්මක වන ආකාරයට රාජ්‍ය අංශය තුළ ආරවුල් නිරාකරනය හා වැලැක්වීම වෙනුවෙන් වන යන්ත්‍රණයක් නුදුරේදීම ඇති කරනු ඇති බවත් කමිටුව තවදුරටත් විශ්වාසයතබා සිටී. මේ  සම්බන්ධයෙන් වන වර්ධනයන් පිළිබඳ වන තොරතුරු ලබා දෙන ලෙසද කමිටුව රජයෙන් ඉල්ලා සිටී.

අනිවාර්ය​ බේරුම්කරණය. පසුගිය නිරීක්‍ෂණ වලට අනුව කාර්මික ආරවුල් පනතේ 4(1) වගන්තිය අනුව අදාල කාර්මික ආරවුල සුළු ආරවුලක් යැයි සිතන්නේනම් අදාල ආරවුලට සම්බන්ධ පාර්ශවයන්ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ කැමැත්ත නොතකා එකී ආරවුල නිරාකරණය හෝ බේරුම්කරණය වෙනුවෙන් ඇමතිතුමා විසින් පත්කළ බේරුම්කාරවරයෙකුට හෝ කාර්මික විනිශ්චයාධිකරණයකට හෝ ලිඛිත නියෝගයක් මගින් යොමුකිරීමටත් 4(2)වගන්තිය මගින් එවැනි කාර්මික ආරවුලක් නිරාකරණය වෙනුවෙන් කාර්මික අධිකරණයකට යොමු කරමින් ලිඛිත නියෝගයක් නිකුත්කිරීමට ඇමතිතුමාට හැකි බවට කමිටුවේ සැලකිල්ලට භාජනය වේ තිබුණි. මෙම ප්‍රතිපාදනයන් සම්මුතිය සමග ගැලපෙන ලෙසට සංශෝධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට කමිටුව රජයෙන් ඉල්ලා සිටීය. අනිවාර්ය​ බේරුම්කරණයට ප්‍රථමයෙන් කාර්මික ආරවුල් අදියර ගණනාවක් ගමන් කරන බවත්, ජාතික අවශ්‍යතාවය හා කර්මාන්තවල අඛණ්ඩ පැවැත්ම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් අනිවාර්‍ය බේරුම්කරණයක් කරා යොමුවන්නේ කාර්මික ආරවුල් වලින් ඉතා සුළු ප්‍රමාණයක් බවත්, ඇමතිතුමා විසින් වෘත්තීය සමිති වල කැමැත්තද සැලකිල්ලට ගනිමින් අනිවාර්‍ය බේරුම්කරණය කරා යොමුවන බවත් රජය විසින් දක්වා තිබීම කමිටුව විසින් සැලකිල්ලට ගනී. රජය විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාණන වලට අනුව 2013 දී කාර්මික ආරවුල් 3371කින් 49ක් හා 2012 දී කාර්මික ආරවුල් 3702කින් 43ක් බේරුම්කරණ කරා යොමුව තිබීම කමිටුව සැලකිල්ලට ගනී. ප්‍රායෝගිකව බේරුම්කරණය සඳහා යොමු කොට ඇත්තේ කාර්මික ආරවුල්වලින් සුළු ප්‍රමාණයක් බව සැළකිල්ලට ගනිමින් කාර්මික ආරවුල් පන්තේ 4වන වගන්තියට අනුව කාර්මික ආරවුල් අනිවාර්‍ය බේරුම්කරණයට යොමුකිරීමට ඇමතිතුමාට පුළුල් බලතල ඇති බව කමිටුව නිරීක්‍ෂණය කරයි. මේ පිළිබඳව කමිටුව නැවත අවධාරණය කර සිටුනුයේ, සාමුහික කම්කරු ආරවුලක් හෝ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අවසන් කරනු පිණිස අනිවාර්ය බේරුම් කරණයේ පිහිට පැතීම පිළිගත හැකි වනුයේ එකී ප්‍රස්තුත වැඩවර්ජනය සීමා කිරීම හෝ තහනම් කිරීම සිදුකිරීම පහත අවස්ථාවන් යටතට  වැටෙන්නේ නම් පමණි: (i) රාජ්‍යයේ නාමයෙන් බලතල ක්‍රියාවේ යොදවන රජයෙන් සේවකයින් සම්බන්ධයෙන් පැණනගින ආරවුල් (ii) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා දැඩි ලෙසම අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකිය හැකි සේවාවල පැන නගින ගැටුම් (iii) උග්‍ර ජාතික හා දෙශිය අර්බුදකාරී තත්ත්වයන් හිදී. ඉහත සඳහන් කළ මූලධර්මයන් සහතික කරනුවස් කාර්මික ආරවුල් පනතේ 4(1) හා 4(2) වගන්ති සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කමිටුව රජයෙන් ඉල්ලා සිටී.

4 වගන්තිය. පරිපාලන අධිකාරයන් විසින් සංවිධාන විසුරුවා හැරීම. කලින් නිරීක්‍ෂණ වලදී පරිපාලන තීන්දුවක් මගින් විසුරුවා හැරීමට කෙරෙන තීන්දු අත්හිටුවන ලෙසත් ඒවා අධිකරණයට ඉදිරිපත් කෙරෙන අභියාචනයකට යටත්ව සිදු කරන ලෙසත් කමිටුව විසින් රජයෙන් කරන ලද ඉල්ලීම නැවත අවධාරණය කර සිටී. වාර්තා කළ කාල පරිච්ඡේදය තුළ මේ සම්බන්ධ ප්‍රගතියක් නොමැති බව රජය සඳහන් කර ඇත​. කමිටුව රජයෙන් නැවත වරක් ඉල්ලා සිටින්නේ (වෘත්තීය සමිති ආඥාපනතේ අංක 16 හා 17 ප්‍රකාරව​) වෘත්තීය සමිතියක් රෙජිස්ටාර් විසින් ලියාපදිංචිය ඉවත් කරන විට හෝ අවලංගු කළ විට ඒ සම්බන්ධයෙන් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර අදාල අධිකරණය මගින් ඒ පිළිබඳ තීරණයක් ලබා දෙන තුරු රෙජිස්ට්‍රාර්ගේ (පරිපාලන අධිකාරියේ) තීරණය වලංගු නොවීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග නොපමාව ගන්නා ලෙසය​.

රජයට ඍජුව යවන ඉල්ලීමක් මගින් කමිටුව අනෙකුත් කරුණු මතුකර ඇත​.

***********

 

රජය විසින් ජගත් කම්කරු සංවිධානයට මෙම සම්මුතිය නිසි ආකාරයෙන් ක්‍රියාවේ යෙදවිය යුතු  වගකීමට අදාලව සැපයිය යුතු වාර්තාවේ ආමන්ත්‍රණය කල යුතු මුලික කාරණාවන් පිලිබඳ ILO ඉල්ලීම මෙම සබැඳුමෙන් ලබාගත හැක එකී කාරණාවන් වලට අදාලව වෘත්තිය සමිති වලට සහ සේවා යෝජක සංවිධාන වලට අදාල නීති හා සම්මුතියේ ප්‍රතිපාදන දේශීයව ක්‍රියාවේ යෙදවීම, උචිත අනපනත්, රෙගුලාසි පැනවීම සහ අවැසි සංශෝධනයන්ට අදාලව සිය වාර්තා ඉදිරිපත් කල හැකිය. ඒවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් කම්කරු සංවිධානයේ අවසාන නිගමන සහ නිර්දේශ තීරණය කිරීම සඳහා මහෝපකාරී වේ. මෙමගින් සේවකයන්ගේ ඕනෑ එපාකම් ජ.ක .ස කම්කරු ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුල නියෝජනය කිරීමට හා ඒවාට බලපෑම් කල හැකි නෛතික පිළිගැනීමක් ලබාදීමට අවස්ථාව සැලසේ.  අදහස් දැක්වීමට පහත සලසා ඇති අවකාශයෙන් ඒ සඳහා මෙම විෂයට අදාලව වෘත්තීය සමිති හා සේවක මතය ඔප්නැන්විමට ඔබට දායක විය හැක. ඔබේ දහස් උදහස් මේ සම්බන්ධයෙන් කටයුතු කරන වෘත්තීය සමිති පරිශ්‍රම පෝෂණය කිරීමට හේතුවේ.

 

ඔබත් මෙම කම්කරු ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට දායක වන්න…!!!

 

සිංහල ටයිපින් නොහැකි වුවත් පහසුවෙන් සිංහල ටයිප් කිරීම සඳහා මෙම සබැදුම ට පිවිසෙන්න. http://www.google.lk/inputtools/windows/ හෝ http://www.google.com/intl/si/inputtools/cloud/try/

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435