එක්සත් අරාබි එමීර්යේ සේවයේ සිටි 278 ක් යළි මව් රටට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු දිවයිනට පැමීණ තිබේ.

අද (10) අලුයම 4.50ට පමණ එම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු පවසයි.

ඔවුන් එරට රැකියා සඳහා පිටත්ව ගොස් සිට කොවිඩ් වසංගත තත්ත්වය නිසා යළි ඒමට නොහැකිව සිටි ශ්‍රි ලාංකිකයන් පිරිසක් බව සඳහන්ය.

එසේම ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයන් 05දෙනෙකුද, අද අලුයම දිවයිනට පැමිණ තිබුණි.

මේ අතර විදේශිය නැවක සේවය කිරීම සඳහා විදේශිය නාවිකයන් 24 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි බව වාර්තාකරු කියා සිටියි.

මෙලෙස පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේ දීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435