එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැසියන්ට කහ නිවේදනයක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  රටේ සමහර ප්‍රදේශවලට තද සුළං හැමීමේ දෘශ්‍යතාව  අඩුවී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය එරට වැසියන්ට නිවේදනය කර තිබේ.

එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ දෛනික කාලගුණ අනාවැකි වලට අනුව දෘශ්‍යතාව මීටර් 1,500 ට වඩා අඩු වනු ඇති බවට විශ්වාසය පළ කරන අතර  එම තත්ත්වයන් පෙරවරු 11 දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

ඒ අනුව වැසියන් එළිමහන් බිමක සිටීනම්  පූර්වාරක්ෂාව සලසා ගන්නා ලෙස එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කහ නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

මීට අමතරව, තෙතමනය සහිත කාලගුණය, උදෑසන මීදුම සහ තද මීදුම ඇතිවීමේ සම්භාවිතාව සමඟ අඛණ්ඩව පවතින බව සඳහන්ය.

එසේ වුවද සාපේක්ෂ ආර්ද්‍රතාවය 80%-90% දක්වා ඉහළ අගයක් ගනු ඇති බවත්, මෙම හේතුව නිසා මීදුම සහිත තත්වයන් තුළ රිය පැදවීම භයානක විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද රජය විසින් ඉල්ලීම් කරයි.

සමහර ප්‍රදේශවල දිවා කාලයේදී වලාකුළු බර කාලගුණික තත්ත්වයක් දැකිය හැකි  බව දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

එසේ වුවද උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 දක්වා අඩු පරාසයක පවතිනු ඇති බව gulfnews.com වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435