එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව රැකියා 40,000 ක්   

2019 දෙවන කාර්තුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පෞද්ගලික අංශය තුළ  නව රැකියා  40,000 දක්වා නිර්මාණය කර තිබේ.

එය  නිදහස් කලාපවල රැකියා හැරුණු විට, ජාතික ආර්ථිකයේ ධනාත්මක වර්ධනයන් සඳහා සහාය වන ශ්‍රම වෙළඳපොළේ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරන බැව් එරට පුවත් වාර්තා උපුටා දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුවට අනුව ජාතික ආර්ථිකය මේ වසරේ දෙවන කාර්තුවේදී ස්ථාවර මිල ගණන් යටතේ වාර්ෂිකව සියයට 2.2 ක වර්ධනයක් වාර්තා කර තිබේ.

පළමු කාර්තුවේ කම්කරුවන් මිලියන 5.06 ට සාපේක්ෂව 2019 දෙවන කාර්තුවේදී එහි සමස්ත කම්කරුවන්ගේ සංඛ්‍යාව මිලියන 5.1 ක් දක්වා ඉහළ නංවමින් පෞද්ගලික අංශය අඛණ්ඩව නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් සිටින බැව් සඳහන්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම වෙළඳපොළට 2018 දී එකතු කරන ලද නව රැකියා සංඛ්‍යාව 137,000 දක්වා ඉහළ ගොස් ඇති බව මානව සම්පත් හා එමිරේටේෂන් අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පදාක කරගනිමින්  එක්සත් අරාබි එමීර් රාජ්‍ය මහ බැංකුව විසින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ දැක්වෙයි.

ලේඛනගත සංඛ්‍යාලේඛන මත පදනම්ව, වර්ෂය ආරම්භයේ සිට ආර්ථික ක්‍රියාකාරකම් 2019 දෙවන කාර්තුවේදී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය සියයට 1 කින් ඉහළ නැංවීමට දායක වූ අතර එය පසුගිය කාර්තුවේ සියයට 0.1 ක ඉහළ යාමක් බැව් ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙයි.

මේ වසරේ දෙවන කාර්තුව තුළ සේවා නියුක්තිය ඉහළ යාම කෘෂිකාර්මික, පතල්, හෝටල්, ආපනශාලා, තැරැව්කාර, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු දේපළ වෙළඳාම් සහ වෙනත් අංශවල ඉහළ යාමේ ප්‍රතිඵලයකි. දේපළ වෙළඳාම් අංශයේ සහ අනෙකුත් සඳහන් කළ අංශවල වටිනාකම 2019 දෙවන කාර්තුවේදී පිළිවෙලින් සියයට 5 කින් සහ සියයට 8.2 කින් ඉහළ ගොස් ඇති අතර එය පළමු කාර්තුවේදී සියයට 4.4 ක් හා සියයට 4.9 ක් විය.

ඉදිකිරීම් හා දේපළ වෙළඳාම් අංශ තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම බලකායෙන් සියයට 45.7 ක් සේවය කරති.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435