එමිරේට්ස්කරණයෙන් UAEහි විදෙස් ශ්‍රමිකයින්ගේ රැකියා අනතුරේ

මැදපෙරදිග රටවල් බොහෝමයක් සිය රටේ ශ්‍රමිකයින්ට ශ්‍රම බලකාය තුළ වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් විදෙස් ශ්‍රමික රැකියා කප්පාදුවක් සිදුකිරීම මේ වනවිටත් ආරම්භකර තිබෙන අතර එහිදී කුවේට් රාජ්‍ය, බහරේන්, සෞදිය වැනි රටවල් දැනටමත් විදෙස් ශ්‍රමිකයින්ගේ රැකියා කප්පාදු කිරීම් ආරම්භකර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යද (UAE) එමිරේට්කරණ වැඩසටහන යටතේ වැඩි රැකියා ප්‍රමාණයක් එමිරේට්ස් ජාතිකයින්ට ලබා දීමේ අරමුණින් විදේශික ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීමේ තාවකාලික තහනමක් පැනවීමට පසුගියදා කටයුතු කර තිබේ.

එහි පලමු අදියර යටතේ ඉතියෝපියානු ශ්‍රමිකයන්ට තවකාලික තහනමක් පනවා ඇති බවයි එමිරේට්ස් මානව සම්පත් සහ එමිරේට්කරණ අමාත්‍යාංශය ප්‍රකාශකර ඇත්තේ.

දෙසැම්බර් 11 දින සිටතහනම ක්‍රියාත්මක වන බවත් තැවත දැණුම්දෙන තුරු කිසිදු ඉතියෝපියානු ජාතිකයෙක්ට රැකියා බලපත්‍ර ලබා නොදෙන ලෙසත් පනවා ඇති තහනමට විරුද්ධව කටයුතු කරන රැකියා ආයතනවලටවිරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි අමාත්‍යාංශය අවධාරණය කළේ.

කෙසේ වෙතත් ඉදිරි කාලයේ එමිරේට්ස් රාජ්‍යයට රැකියා සඳහා පැමිණෙන අනෙක් රටවල ශ්‍රමිකයින්ටද මෙම රැකියා තහනම ක්‍රියාත්මක වන බවයි විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ අනුව UAE රාජ්‍යයේ සේවය කරන විදේශිකයින් රැසකගේ රැකියා ඉදිරියේදී  තහනම් වීමේ අවදානමක් හා රැකියා සඳහා බඳවා නොගැනීමේ අවදානමක්ද මතුවී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435