එලැඹෙන අගෝස්තුවේ තවත් උපාධිධාරීන් රැසකට රැකියා ලැබෙන ලකුණු

අගෝස්තුවේ තවත් උපාධිධාරී රැකියා ….
මේ ආණ්ඩුව කියන පරිදි තවත් උපාධිධාරීන් 20000කට පමණ රජයේ රැකියා අගෝස්තු මස ලබාදීමට නියමිත ය. එයද ලබාදෙන තුරු විශ්වාස නැතත් අප එය ලබාගැනීමට අනිවාර්යයෙන් මැදිහත් වෙමු.

කෙසේ වෙතත් උපාධිධාරීන් (රජයේ රැකියා බලාපොරොත්තුවෙන්) 50000කට අධික ප්‍රමාණයක් සිටී. 2017 do අයදුම්පත් 57000ක් තිබූ අතර පසුගිය කාලය තුළ ගුරු, do හා වෙනත් රැකියා ලද උපාධිධාරීන් 10000කට වැඩි මිසක් අඩු නැත.

මේ ලබාදෙන පත්වීම්, පැවති ඉන්ටවිව් එක මත, ඉෆෙක්ටිව් ඩේට් එකට අභ්‍යන්තර 75°/. ක් බාහිර 25°/. ක් වශයෙන් බව ආරංචි මාර්ග පවසයි.

අවුරුදු 7ක් තිස්සෙ උපාධිධාරීන් රැකියා ඉල්ලා අඛණ්ඩව සටන් කළ අතර ආණ්ඩුව විවිධ ප්‍රකාශ කරමින් ප්‍රශ්නය මගහරින් ලදී. ආණ්ඩුවේ අවසාන කාලය ගෙවෙමින් පවතින මේ මොහොතේ දැනෙන බලපෑමක් කළ හැකිනම් අනිවාර්යයෙන් 2004, 2012 මෙන් සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාගැනීම අපහසු නැත.

ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් දිස්ත්‍රික් මට්ටමින් රජයේ රැකියා අවශ්‍ය උපාධිධාරීන් වහ වහාම එකතු විය යුතු ය. එකතු කළ යුතු ය.

අපි එකිනෙකට චෝදනා කරමින් සිටීමෙන් කිසිවකුට පලක් නැත. අප කළ යුත්තේ භේදයකින් තොරව රැකියා ඉල්ලා එක් අරගලයක් කිරීමයි. ඒ වෙනුවෙන් සියලු සංගම් වෙත අප සහෝදරාත්මකව ආරාධනා කරමු.
#මාධ්‍ය_එකකය
– ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය –

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435