එස්කුවෙල් ගාමන්ට් සේවකයින්ට අස්වන ලෙස බලපෑම්

යක්කල වැරල්ලවත්ත පිහිටි එස්කුවල් ගාමන්ට් හී සේවකයින් 2020 මැයි 20 දින සිට උද්ඝෝෂණයක නියැලී සිටී.

කොරොනා වසංගතයෙන් ඇනවුම් අඩුවීම නිසා සේවකයින්ට ඉල්ලා අස්වෙන ලෙස ප්‍රකාශ කර ඇති පාලනාධිකාරිය වන්දි මුදලක් ද ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව සේවකයින් 300 ක් පමණ සේවයෙන් ඉවත් කර ඇත.

ඉන් පසුව යක්කල පිහිටි කර්මාන්තශාලා සේවකයින් ජාඇල පිහිටි ආයතනය වෙත මාරු කරන බව ප්‍රකාශ කර ඇත.

එයට හේතු ලෙස පවසන්නේ සේවකයින් අඩු බැවින් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට ⁣සේවකයින් අඩු බැවින් සිටින සේවකයින් ජාඇල කර්මාන්තශාලාව වෙත මාරු කරන බවයි. එයට එරෙහිව සේවකයින් උද්ඝෝෂණයක නියැලී සිටී.

නමුත් පසුගිය දා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික කම්කරු උපදේශක සභාව දී කිසිම සේවකයකු අස් නොකිරීමට තීරණය ගත්තත් කර්මාන්ත ශාලා වල මෙවැනි තත්ත්වයක් උදාවෙමින් පවතී.

කෙසේ වෙතත් එස්කුවෙල් සේවක ප්‍රශ්ණය සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ ප්‍රකාශකයකු පැවසුවේ 26 දින කම්කරු දෙපාර්තමේන්තුව සමග එස්කුවෙල් පාලනාධිකාරිය හා වෘත්තීය සමිති නායකත්වය සමග මෙම අර්බුදය විසඳාගැනීම සාකච්ඡාවක් පවැත්වීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435