
එළැඹෙන නත්තල් සමයේ කෑම මේසයට රසම රස ක්‍රිස්මස් ෂුගර් කුකීස් හදන්න. ඔබේ දරුවන් ආසාවෙන් රසවිදියි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- බටර් කප් 1
- සීනි කප් 1 1\2
- බිත්තර 2
- වැනිලා තේ හැඳි 2
- පාන් පිටි කප් 3 1\2
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1\2
සාදන ක්‍රමය :
- බටර් සහ සීනි ක්‍රීම් වන තුරු බීට් කරගන්න. එයට බිත්තර සහ වැනිලා එක් කරගන්න.
- පිටි වලට බේකින් පව්ඩර් මිශ්‍ර කර එයත් බටර් මිශ්‍රණයට එක් කර මිශ්‍ර කරගන්න.
- සාදාගත් ඩෝ එක වසා ශීතකරණයේ පැයක් තබන්න. පැයකට පසු එළියට ගෙන අඟල් 1\4ක ඝණකමට තුනී කර කැමති හැඩයක් කපාගන්න.
- සෙල්සියස් 180ට පෙර රත් අක්‍රන ලද උඳුනක විනාඩි 10ක් 12ක් බේක් කරගන්න. දැලක් මත නිවෙන්නට හැර කැමති අයුරකින් සරසාගන්න.
වැඩබිම