එළැඹෙන සඳුදා දක්වා දිවයිනටම පැනවූ ඇදිරි නීතියේ වෙනසක්

කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන ලෙස එළැඹෙන සඳුදා උදෑසන 06.00 වනතෙක් පැනවූ ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 03කට දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අඟහරුවාදා උදෑසන 06.00 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකර ඇත්තේ එදිනම එනම් 24 වැනිදා අගහරුවාදා දහවල් 2ට ඒ ඒ දිස්ත්‍රිකවල නැවත ඇදිරිනීතිය පනවනු ලබන බවයි.

සෙසු දිස්ත්‍රික් වල ඇදිරිනීතිය මාර්තු 23 සදුදා උදේ 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 2 සිට ක්‍රියාත්මක වෙන අතර ඒ අනුව මෙම දස්ත්‍රික්කයන්ට පනවනු ලබන ඇදිරිනීතිය 24 අගහරුවාදා  උදේ 6 තෙක් බලපැවැත්වෙන බද එම නිවේදනයේ සඳහන්ය.

සියලු දිස්ත්‍රිකක්යන්හි ඇඳිරිනීතිය පැනවීම පිළීබද පසුව දැනුම් දෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435