ඔබේ පරිගණකයෙන්ම ඔබේ EPF ඉතුරුම් දැන ගැනීම සඳහා ලියාපදිංචි වන අයුරු

EPF ONLINE BALANCE INQUIRY

මේ සඳහා ඔබ කළ යුතු වන්නේ,

මෙහි ඇති අයදුම්පත බාගත කරගෙන එය පුරවා ඔබගේ සේවායෝජකයා වෙතින්  සහතික කර ගත යුතුය.

එමෙන්ම ජාතික හැඳුනුම්පතෙහි ද සේවායෝජකයා වෙතින් සහතික කරන ලද ජායාපිටපතක් ද මේ සමග යැවිය යුතුය.

අදාළ ලියාපදිංචියෙන් පසු ඔබටම හිමි රහස් අංකයක් හා නමක් ලැබෙන අතර එය ඇතුලත් කිරීම මගින් ඕනෑම මොහොතක ඔබගේ EPF ඉතුරුම් ශේෂය දැනගැනීම හැකියාව පවතී.

අයදුම්පත මෙම ස්ථානයෙන් බාගත කරගන්න : අයදුම්පත 

අයදුම්පත් යැවිය යුතු ලිපිනය:

සේවය අර්ථසාධක අරමුදල – ශ්‍රී ලංකා මහා බැංකුව

නො. 13, ලියෝඩ් ගොඩනැගිල්ල, ශ්‍රී බාරොන් ජයතිලක මාවත,

කොළඹ 01

වැඩි විස්තර සඳහා අමතන්න 011- 2477149 හෝ  011 – 2477148

ඔබට යම් සහයක් අවශ්‍ය වුවහොත් ඉහත සඳහන් කර ඇති දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ epfhelpdesk@cbsl.lk යන ඊමේල් ලිපිනයට එම ගැටළු යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය සහය ලබාගත හැක.

ඇඟිලි සලකුණෙන් EPF ශේෂය දැනගන්නා අයුරු (Click)

EPF 30% ලබා දීම අදින් ඇරඹේ..! (click)

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (48)

  1. Author says:

    මම රෝහල් සේවයේ වසර 4.5 ආදේශක සේවකයෙක් ලෙස සේවය කලෙමි. දැන් මම ස්තීර සේවකයෙකි... මාගේ ආදේශ සේවා කාලයේ කැපුනු එප්ෆ් මුදල ලබාගන්නේ කෙසේද?

    (1)(0)



    0



    1
  2. Chinthaka says:

    මම 2009 පව්ද්ගලික ආයතනයක වැඩ කල අවරුදු එක හමාරක් විතර එකෙන් EPF කපුවා. එත් මන් ලග දැන් කිසිම සාක්ෂියක් නැහැ. මට එකෙන් කැපුන සල්ලි ගන්න පුලුවන්ද.

    (2)(5)



    0



    0
  3. Author says:

    mama mulin weda kala aayathana 2kin EPF mudal berakara athimuth B kaad nometha.. easandaha kumak kalayuthuda.. ema mudal athahera anek B kaad thibena mudal labaagatha hekida

    (3)(0)



    0



    0
  4. denuwan says:

    මම රජයේ සේවයේ අවුරුදු 5කට වැඩි කාලයක් සේවය කර ඇත.නමුත් මට EPF No එකක් තාම ලැබී නොමැත.මම සේවයෙන් ඉවත් වීමට අදහස් කර ඇත.මාගේ මුදල් ලභා ගැනීමට අවුරුදු 55 තෙක් සිටීමට සිදුවේද?

    (0)(0)



    0



    0
  5. Author says:

    මා විසින් පෞද්ගලික ආයතනයක වසර හතරක් පමන සේවයකර ඇත.සේවයෙන් ඉවත්වන විට ලබාගතහැකි %3 මුදල ලබාගතහැකි අාකාරය කුමක්ද

    (0)(1)



    0



    0
  6. Author says:

    මගේ පියා වසර 19 ක් වත්තක වැඩ කළා තාත්තගේ එප්ෆ් පිළිබද කිසිදු තොරතුරක් නැත .තාත්තා තාම සිටි.මට එම තොරතුරු දැනගන්න පුලුවන්ද්ද ,කොමද,බි කඩ නැහැ
    .
    /
    /
    '.

    (0)(0)



    0



    0
    • wedabima says:

      ඔබේ පියා සේවය කළ වතු සමාගමේ ඊ.පී.එෆ් එක හෝ සේවා අංකයක් තිබේ නම් ඒ තොරතුරුත් සමඟ කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණ විමසා බලන්න. එසේත් නොමැති නම් ඔබ කම්කරු දෙපාර්තමේන්තුවට ගොස් මේ පිළිබඳ විමසා බලන්න.ඔබේ පියාත් සමඟ ගොස්.

      (0)(1)



      0



      1
  7. Author says:

    HOSPITALITY INTERNATIONAL (PVT) ල්ට්ඩ්
    මට B කාඩ් ඵක නැහ.මගෙ E.P.F. NO=276(MOHIDEEN AHAMED SILMY)
    මගෙ ID.no=781511943v(මට දැනගන්න ඔනෙ කොඔමද ගන්නෙ කියල

    (0)(0)



    2



    1
    • Bisomanika says:

      මාගෙ බිි කාඩ් එක නැතිවිි ඇත.වැඩ කළ ආයතනය වසා ඇත.මාගෙ සෙවා හැදුනුමිපතේ ඉපිෆ් අංකය ඇත.මාගේ මුදල් ලබා ගන්නේ කෙසේද.
      ?වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැත.

      (0)(0)



      0



      0
  8. Nilanthi says:

    'epf online balance inquiry ' මෙම සේවාව ලබා දෙන්නේ free ද?

    (1)(0)



    2



    1
  9. Author says:

    මගේ නම-චන්දිමා මඩවල,ම 2004 වසරේ මටර ස්පිල්ඩ් intanationl ආයතනයේ weda කල මගේ එප්ෆ් නො අක 3462.....අම මුදල් ගන්න පුලුවන්ද...

    (12)(0)



    1



    0
  10. Author says:

    මම 2001 වසරේ හපුගස්තෙන්න වෙවිලි සමාගමේ වේද කලා'මම දැන් රාජ්‍ය අංශයේ ස්ථිර සේවයේ යෙදී සිටි.මට බි කාඩ් එකක් නැහේ'මගේ ETF අංකයද දන්නේ නැහේ එය ලබාගෙන මගේ ETF මුදල් ලබාගන්නේ කොහොමද?මගේ මුදල ID නම්බරේ -722713370 වී
    නම A .M .W .B .Aththanayaka

    (23)(13)



    0



    0
    • wedabima says:

      ඔබේ හැදුනුම්පත හා දැනට ඔබ සතු සියලු ලේඛන ගෙන කම්කරු දෙපාර්තමේන්තුව වෙත යන්න. එහිදී ඔබේ ගැටලුව ඉදිරිපත්කර මුදල් ලබාගත හැකියි.

      (0)(0)



      0



      0
  11. සේවා යෝජකයා අදාල අයදුම්පත අත්සන් කිරීමට අකමැත්ත ප්‍රකාශ කරිනම් කුමක්ද කරන්නේ

    (43)(16)



    0



    0
  12. මේ වැඩ පිළිවෙළ හොදයි
    ඒත් බැරිද මේ ලියාපදිංචි වීමත් ඔන්ලයින් කරන්න
    එතකොට තැපැල් කරන්න අවශ්‍ය නෑනෙ

    (67)(11)



    1



    0
  13. 2006 ඉදන් 2009 වෙනකන් මම ගර්මෙන්ට් එකක වැඩ කල. මගේ අර්ථසාදක අරමුදල් එකට බර කරපු විස්තර ඔක්කොම තියෙනවා.මට එකේ මුදල දන ගන්න පුලුවන්ද?මම විදේශ ගතව ඉන්නේ මම එම මුදල් දැන් ලබාගන්න පුලුවන්ද.

    (51)(27)



    0



    0
  14. මම මහනුවර. මගේ එප්ෆ් ගිණුම් ශේෂය දෙන ගැනීම සදහා මහනුවර කාර්යාලයක් තිබේද? නෙතිනම් ලගම ස්ථානය කුමක්ද?

    (23)(11)



    0



    0
  15. asiri says:

    30% ලබාගන්න අයදුම් පත දීල දැන් සති 2කත ළගි, ටම සුදුස්සුද නෙද්ද කියල දැන්නුවේ නේ, කොච්චර කල් යිද?

    (13)(0)



    0



    0
  16. arosha asang says:

    1993 සිට 1998 දක්වා සේවය කල ආයතනය වහල ඒ මුදල් නව ගිණුමට ගනේකොහොමද ම ගේ හෙදුනුම්පත් අංකය 722931645ව්

    a

    (5)(5)



    0



    0
    • wedabima says:

      මේ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවට යා යුතුය. එකම ජාතික හැඳුනුම්පත් අංකයට අදාළ ගිණුම් සියල්ල එකට සම්බන්ධ කිරීමේ හැකියාව පවතී. කම්කරු දෙපාර්තමේන්තුව - දු.ක.අං : 011 - 2581142,011 - 2581143,011 - 2581146,011 - 2369373
      Fax : 011 - 2581145
      @ ඊමේල්: dolinquiry@gmail.com

      (4)(0)



      0



      0
  17. Thanuja says:

    මම සේවය කල ආයතනය හදිසියේ වස දැමීම නිසා මම ආයතනයෙන් ඉවත් විය. එම ආයතනයෙන් මම ඉවත් වුයේ 2013 මාර්තු මස 31 වන දිනය. මම 2013 මැයි මස විවාහ විය. මට දැන් EPF ලබා ගැනීමට හැකියාවක් තිබේද?

    (9)(7)



    0



    0
  18. Asiri says:

    එප්ෆ් 30% ක් මුදලක් ලබාගැනීමට අයදුම්පත් භාරධි දැනට සති 2ක් පමණ උවත් කිසිදු තොරෝතුරක් නේ, මේ පිළිබධ දන ගෙනිම්ට කැමති.

    (8)(5)



    0



    0
  19. asiri says:

    30% ලබාගන්න අයදුම්පත් භාරධි සති 2ක් පමණ වෙනවා එත් තොරතුරක් නේ තවමත්,

    (6)(5)



    0



    0
  20. මුතු says:

    මම විවාහ වෙලා රට යන්න ඉන්න කෙනෙක්. මට එතකොට මගේ epf සල්ලි ගන්න පුළුවන් නේද? ඒක කොහොමද කරන්නේ?

    (4)(11)



    0



    0
    • wedabima says:

      මේ සඳහා ඔබ කල යුතු වන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ බී කාර්ඩ් (B Card) එකේ පිටපතක් epfhelpdesk@cbsl.lk යන ඊමේල් ලිපිනයට යැවීමයි. එවිට ඔබගේ ගිණුමේ ශේෂය දැනගැනීමේ හැකියාව ඇත. එසේ නොමැතිනම් වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න Tel : 011-2206642, Fax : 011-2206694.

      (1)(3)



      0



      0
  21. Iranda K. says:

    B පත්‍රය නොමැතිනම් ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? ජාතික හැඳුනුම් පත් අංකය මගින් ගිණුමේ ශේෂය හා ගිණුම සක්රීයද කියා දැනගැනීමට හැකිද? මා දැනට රැකියාව කරන්නේ විදේශයක. එය මේ සදහා භාදවක්ද?

    (5)(0)



    0



    1
    • wedabima says:

      මේ සඳහා ඔබ කලයුතු වන්නේ කලින් සේවය කරපු ස්ථානයෙන් B card එකේ අංකය ඉල්ලා ගැනීම හෝ කම්කරු අමාත්‍යංශයට ගොස් ඔබේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දී ඔබ නමින් ඇති EPF ගිණුම් පරීක්ෂා කර බලා එම ගිණුමේ අංකය ලබා ගැනීමයි. නමුත් ඔබ විදේශගතව සිටින බැවින් කම්කරු දෙපාර්තමේන්තුව අමතා වැඩි විස්තර ලබා ගන්න.
      දු.ක.අං : 011 - 2581142,011 - 2581143,011 - 2581146,011 - 2369373
      Fax : 011 - 2581145
      @ ඊමේල්: dolinquiry@gmail.com

      (1)(0)



      0



      0
  22. Anusha says:

    මන් කලින් වැඩ කරපු තැන E.P.F කැපුවා. නමුත් B card හදලා දුන්නේ නැහැ. මගෙන් කපපු සල්ලි වලට මොකද වුනේ කියලා හොයාගන්න ක්‍රමයක් නැතිද?

    (2)(5)



    0



    0
    • wedabima says:

      මේ සඳහා ඔබ කලින් වැඩ කරපු ආයතනයට ගොස් B card එකක් සාදා ගතයුතුය. ඔවුන් ඔබට B card එකක් සාදා නොදීම කම්කරු නීති වලට පටහැනි ක්‍රියාවකි. එම නිසා B card එකක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතුය. එසේ නොමැති නම් කම්කරු දෙපාර්තමේන්තුවට ගොස් ඔබේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දී ඔබ නමින් එම ආයතනය විසින් EPF ගිණුමක් සාදා ඇත්දැයි පරීක්ෂා කර බලන්න.

      (0)(0)



      0



      0
  23. wedabima says:

    කරුණාකර ඔබේ සියලුම ගැටලු ඉහත සඳහන් කර ඇති දුරකථන අංක හා ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.

    (1)(0)



    0



    0
  24. SANJEEWA says:

    මගේ කලින් වේද කරපු ඔෆ්ෆිචේ එකේ මගේ බ කාර්ඩ් එක නැති වෙලා. මගේ අලුත් ඔෆ්ෆිචේ එකේ තියනවා. මට පරණ බ කාර්ඩ් එක නෙතුව පස්නයක් වෙඉද?
    මොකද මම කරන්න ඕනේ

    (2)(0)



    0



    0
    • wedabima says:

      මේ සඳහා ඔබ කලයුතු වන්නේ කලින් සේවය කරපු ස්ථානයට ගොස් ඔබගේ B card එකේ අංකය ඉල්ලා ගැනීම හෝ කම්කරු අමාත්‍යංශයට ගොස් ඔබේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දී ඔබ නමින් ඇති EPF ගිණුම් පරීක්ෂා කර බලා එම ගිණුමේ අංකය ලබා ගැනීමයි.

      (0)(0)



      0



      0
  25. Buddika says:

    දැන් මගේ අත්සන 'බී' කාඩ් එකේ අත්සනට වඩා වෙනස්. එකට මම මොකද කරන්නේ.

    (0)(0)



    0



    0
    • wedabima says:

      එය ගැටළුවක් නොවේ. මෙහිදී වඩාත් සැලකිලිමත් වන්නේ ඇඟිලි සලකුණ ගැලපීම පිළිබඳ වන බැවින් B Card එකේ ඇති ඔබගේ ඇඟිලි සලකුණ ගැලපීම ප්‍රමාණවත් වේ.

      (3)(0)



      0



      0
  26. Maya says:

    මම දැනට සේවය නොකරන කෙනෙක්. මගේ අයදුම් පතේ වර්තමාන සේවයෝජකයාගේ නමක් නැහැ.
    ඉතිරි දේවල් සේරම ලබාදෙන්න පුළුවන්. මගේ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වේවිද?

    (1)(1)



    0



    0
    • wedabima says:

      එවැනි අවස්ථාවක ඉල්ලුම්පත ප්‍රතික්ෂේප නොවේ. ඔබ දැනට සේවය නොකරන්නේ නම් සේවායෝජකයෙකු නොමැති නිසා එම කොටස පිරවීම අවශ්‍ය නොවේ. නමුත් මින් පෙර ඔබ සේවය කළ ස්ථානයේ තොරතුරු (B Card) අවශ්‍ය වේ. මේ සඳහා අයදුම්පතේ 9 වන කොටස බලන්න.

      (0)(0)



      0



      0
  27. මම දැනට අබුධාබි වල සේවය කරන කෙනෙක් ....2003-2007 දක්වා මම ලංකාවේ ආයතනයක වැඩ කළේය.. එම වකවානුව තුල මාහට අර්ථ සාදක අරමුදල් ගිණුමක් තිබුණි... 2007 පසුව ම එම ගිණුම සම්බන්දව කිසිදු තොරතුරක් නොදනී..එම සම්බන්දව වැඩි දුර විස්තර දෙන ගන්නේ කෙසේද...?

    (2)(0)



    0



    0
    • wedabima says:

      මේ සඳහා ඔබ කල යුතු වන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ බී කාර්ඩ් (B Card) එකේ පිටපතක් epfhelpdesk@cbsl.lk යන ඊමේල් ලිපිනයට යැවීමයි. එවිට ඔබගේ ගිණුමේ ශේෂය දැනගැනීමේ හැකියාව ඇත. එසේ නොමැතිනම් වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න Tel : 011-2206642, Fax : 011-2206694.

      (0)(1)



      0



      0
  28. chamara says:

    සේවයෝජකයාගේ අත්සන නෙතුව බෙරිද? මොකද අපිට බලාගන්න ඕනි ඒ අය epf දානවද නෙද්ද කියල.

    (5)(2)



    0



    0
    • wedabima says:

      සේවායෝජකයාගේ අත්සන මේ සඳහා අනිවාර්ය වේ. එසේ නොමැති වුවහොත් අයදුම්පත ප්‍රතික්ෂේප වේ.

      (0)(1)



      0



      0
  29. chamari says:

    අයදුම්පත බාරදුන්න ගොඩක් කාලෙකට කලින් එත් පස්ස්වොර්ඩ් එක මතක නැහැ කොහොමද එක දැනගන්නේ දැන් මම රජයේ සේවකයෙක් මට මගේ මුදල් ගන්න පුළුවන් නේද

    (0)(0)



    0



    0
    • wedabima says:

      ඔබේ මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබගේ රහස් අංකය අමතක වී ඇත්නම් එය නැවත අලුත් කර ගැනීමට හැකිය. මේ සඳහා http://epfportal.com/Pages/Member/MemberLogin.aspx යන ලින්ක් එක ඔස්සේ එම වෙබ් අඩවියට ගොස් Reset password යන වචනය ක්ලික් කරන්න. එවිට කළයුතු දේ එමගින් පෙන්වා දෙනු ඇත. ඔබට යම් සහයක් අවශ්‍ය වුවහොත් ඉහත සඳහන් කර ඇති 011- 2477149 හෝ 011 – 2477148 යන දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ epfhelpdesk@cbsl.lk යන ඊමේල් ලිපිනයට එම ගැටළු යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය සහය ලබාගත හැක.

      (1)(2)



      0



      0
  30. Author says:

    එමිල් වලින් අයදුම්පත එවන්න පුලුවන්ද?

    (0)(0)



    0



    0
    • wedabima says:

      ඊමේල් වලින් අයදුම්පත යවන්න බැහැ. සේවායෝජකයාගේ අත්සන යොදා සහතික කළ අයදුම්පත යැවිය යුතුයි. ඒ සමගම ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතකුත් එයට අමුණා යවන්න. නමුත් මේ පිළිබඳ ගැටළු ඇත්නම් epfhelpdesk@cbsl.lk යන ඊමේල් ලිපිනයට එම ගැටළු යොමු කිරීමේ හැකියාව පවතී.

      (2)(1)



      0



      0
  31. prasad says:

    රැකියාවෙන් අස්සුන කෙනෙක් මේක දැනගන්නේ කොහොමද

    (29)(1)



    0



    0
    • wedabima says:

      මෙය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ දැනට රැකියාවේ යෙදී සිටින කෙනෙකුටයි. මන්ද තම EPF ගිණුමට නිසිලෙස මුදල් බැර වෙනවාද යන්න නිතරම සොයා බැලීමේ හැකියාවක් මෙමගින් පවතින බැවිනි. රැකියාවෙන් ඉවත් වී ඇත්නම් EPF ගිණුමේ ශේෂය එකවරක් දැන ගත්තද ප්‍රමාණවත් ය. ඒ සඳහා කම්කරු අමාත්‍යංශ පරිශ්‍රයේ සවිකර තිබෙන ඇඟිලි සලකුණ යොදා EPF ගිණුම් ශේෂය දැනගැනීමේ ක්‍රමයට ලියාපදිංචි වීමෙන් හෝ කම්කරු අමාත්‍යංශට ගොස් හෝ ඒ පිළිබඳ දැන ගැනීමේ හැකියාව පවතී.
      ඇඟිලි සලකුණ යොදා EPF ගිණුම් ශේෂය දැනගැනීමේ ක්‍රමය: http://wedabima.lk/%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-epf-%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C

      (3)(1)



      0



      0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435