ඔබ කාන්තාවකට ගරු කළ යුත්තේ ඇයි?

දස මසක් කුස දරා ඔබ මෙලොවට බිහි කර
ලේ කිරි කර පෙවූ ගෙදර බුදුන් අම්මා නිසා නොව…
එක බඩ වැල එකට කඩා ආ
එක කුස උපන් ඔබේම දයාබර සොයුරිය නිසා නොව…
ඔබට දාව උපන් ඔබේ කිරිකැටියන් රැක බලා ගන්නා
සෙනෙහෙබර බිරිඳ නිසා නොව…
ඔබේ ශුක්‍රානුවෙන් බිහිවුණ ඔබේ ලොව එළිය කරන
රත්තරන් දියණිය නිසා නොව…
පෙම් ලොව රජ දහනේ ඔබේ ආදර කිරුළ දිනූ
ඔබේ පෙම් රැජිණ නිසා නොව…
පිටුපසින් සිට පිරිමින් සාර්ථක කරනවා කියා
ඔබ කියන නිසා නොව…
දයාවේ ප්‍රතිමුර්තිය ඇය යැයි කියා
ඔබ කවි ලියූ නිසා නොව…
ලංකා ද්වීපයේ ආර්ථිකය නංවන
ශ්‍රමබලකායේ වැඩි පංගුව නිසා නොව…
දේශපාලන භූමිය ජයගත්
ලොව පළමු අග්‍රාමාත්‍යවරිය මෙරටින් බිහිවුන නිසා නොව…

ඒ කිසිත් නොව, නමුත් සරලව,
ඇයත් ඔබ සේ හුස්ම ගන්නා මනුෂ්‍යය ප්‍රාණයක් නිසාමය…

(දේදුනු සංවාද)

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435