ඔබ දන්නවද? කුවේට්හි සේවයේ නියුතු ඔබගේ සේවයේ වටිනාකම

කුවේටයේ සෞඛ්‍ය  ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන්ම විදේශීය ශ්‍රමිකයින් මත රදා පවතින බව විදෙස් වාර්තා උපුටා දක්වා තිබේ. කුවේටයේ රාජ්‍ය බලධාරීන් විසින් එරට සිටින විදේශීය ශ්‍රම්කයින් ප්‍රමාණය අඩු කළ යුතු යැයි කරනු ලබන යෝජනාව ස්ථීර වුවහොත් එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන් තුළද අර්බුද රැසක් නිර්මාණය වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දේ.

බලධාරීන් පවසන පරිදි එකවිටම විදේශීය ශ්‍රමිකයින් මෙලෙස ඉවත් කිරීම සිදුකළ නොහැකිවන අතර වෛද්‍යවරු, හෙදියන්, තාක්ෂණික නිලධාරීන්, පරිපාලකයින්, ගණකාධිකාරීන් සහ නීති විෂාරදයින් ආදී තනතුරු දරන පුද්ගලයින්වත් ඉහත ඉවත්කරන පිරිස අතරට අතුළත් වේ නම් එය එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයමෙන්ම අනෙක් ක්ෂේත්‍රයන්ටද විශාල හානියක් සිදුවෙනු ඇතැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ  කරයි.

මෙසේ විදේශීය ශ්‍රමිකයින් ඉවත්කළහොත් එකී තනතුරු පිරවීම සදහා ප්‍රමාණවත් සුදුසුකම් ඇති කුවේට් ජාතිකයින් නොමැති බවත් එරට මාධ්‍ය වාර්තා පවසා සිටී.

නිල වාර්තා  පෙන්වා දෙන පරිදි එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන 22,000ක් පමණ වූ විදේශික හෙද හෙදියන්ගෙන්  ඉවත් කිරීමේ ක්‍රමවේදය තුළ 6%  ප්‍රමාණයක් පමණක් ඉතිරිවන අතර එය ගැටළු රැසක් ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වෙනු ඇති බවයි.

කුවේටයේ වෙසෙන කුවේට් හා කුවේට් නොවන වෛද්‍යවරු අතර ඉතා ලොකු ‍වෙනසක් පවතී. එරට වෙසෙන වෛද්‍යවරු අතරින් 70% පමණ සිටින්නේ විදේශීය ජාතිකයන්ය. ඔවුන් රැකියවෙන් ඉවත් කලහොත් එම පුරප්පාඩු විසදීමට කුවේට් ජාතික වෛද්‍යවරු යෙදීම එතරම් පහසු කාර්ය නොවනු ඇත. එමෙන්ම පෙනෙන පරිදි එරට සෞඛ්‍ය අමාත්‍යංශය සමග වැඩ කරන 3500 පමණ වු දන්ත වෛද්‍යවරුන්ගෙන් කුවේට් ජාතිකයන් සිටින්නේ 1500 පමණ වු සුළු පිරිසකි.

සංඛ්‍යා දත්තවලින් පෙන්වාදෙන පරිදි 2015 වර්ෂයේදී එරට මුළු ජනගහනය මිලියන 4.3 පමණ වු අතර ඉන් කුවේට් ජාතිකයන්වූයේ 31.7% පමණ සුළු පිරිසකි.

එරට මිලියන 2.5ක් පමණ වූ ශ්‍රම බලකායෙන් කුවේට් ජාතිකයින්ගේ සහභාගීත්වය 16.9% පමණකි. නීති සම්පාදකයින් පෙන්වාදෙන්නේ එරට බලධාරීන් විසින් මෙලෙස හදිසියේ රටේ ජනගහන අඩු කිරීමේ අපේක්ෂාවෙන් විදේශීය ශ්‍රමිකයින් ඉවත් කිරීමට සැලසුම් කළද එය කුවේට් රාජ්‍යට ගැටළු රැසක් නිර්මාණය වීමට බලපාන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435