ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 229ක් එයි

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (11) පස්වරුවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් අතර ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් සහ එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි මෙරට සිසුන් පිරිසක් ද වන බව සඳහන්ය.

මෙම ගුවන් මගීන් පිරිස ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 600 දරණ විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 2.33 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු කියා සිටියි.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන්, ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නව වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරනු ලැබ තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435