ඕමානයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

ඕමානයේ පළමු කොරෝනා මරණය වාර්තා වී ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා ගනිමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙකි.

මේවනවිට එරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 192ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලැබූ පිරිස 34ක් බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කොරෝනා ව්‍යාප්තිය පාලය කිරීම සඳහා සිය රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්,තවමත් රට තුළ ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම රජය විසින් රජයේ සේවකසඛ්‍යාව70%ක් දක්වා අඩු කිරීමේ තීරණයක සිටින බවත් ප්‍රකාශ කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435