ඕමානයේ මස්කට් ගුවන්තොට කෙරෙහි ලෝකයේම අවධානය

ගුවන් මඟීන්ට ගුණාත්මක සේවයක් ලබා දෙන ගුවන්තොටුපලවල් අතුරින් ඕමානයේ මස්කට් අන්තර්ජාතික ගුවන් තොටුපළ 14 වෙනි ස්ථානයට පත්ව තිබේ.

පසුගියදා ඉන්දුනීසියාවේ බාලි හි පැවති ගෝලීය පාරිභෝගික අත්දැකීම් සමුළුවේදී මෙම ස්ථානය හිමිවීමට අදාළ නිවේදනය නිකුත්කොට තිබේ.

ගුවන් තොටුපළවල් 371ක් අතුරින් මස්කට් ගුවන් තොටුපළට 14 වෙනි ස්ථානය හිමිවීම විශේෂත්වයක් වන අතර ඒ අවස්ථාව හිමිවී ඇත්තේ 2020 වනවිට ලෝකයේ හොඳම ගුවන්තොටුපළ 20 අතරට ගෙන ඒම සඳහා 2015 වර්ෂයේදී ඕමාන් රජය විසින් දියත්කරන ලද උපාය මාර්ගික සැලැස්ම බවයි එරට රාජ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඉතා ඉක්මනින් සලාලාහ් සහ ඩුකම් ඇතුළුව ඕමානයේ ඇති සියළුම සිවිල් ගුවන්තොටුපළවල් ලෝකයේ අනිකුත් ගුවන්තොටුපළවල් භාවිතාකරන නවීනතම තාක්ෂණය හා නවීනතම ක්‍රමෝපායන්ද භාවිතා කරමින් උසස් ගුණාත්මක සේවයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඊට අදාල සැලසුම් සලස් කරමින් පවතින බවත් ඕමාන් රජය ප්‍රකාශකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435